බොහෝ දුරට එම අගය රජය විසින් ගණනය කළ අමෙරිකානු ඩොලර් බිලියන 7ක මට්ටමක පැවතිය හැකි බව ඔහු පෙන්වා දෙයි.
හානියට ලක් වූ යටිතල පහසුකම් සහ අනෙකුත් ගොඩනැගිලි ආදිය ඉදිකර අවසන් කිරීමට වසර 4ක පමණ කාලයක් ගත විය හැකි බව මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ තවදුරටත් කියා සිටියි.
මෙම තත්ත්වය මත සැලකිලි යුතු මට්ටමේ මූල්‍ය පහසුකමක් බාහිර පාර්ශවයන්ගෙන් ලබාගැනීමට රජයට සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.
මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසන්නේ, ආපදා අවස්ථාවක මුදල් භාවිතය සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
ලෝක බැංකුවේ වාර්තාවට අනුව ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ආර්ථික හානිය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4ක ප්‍රමාණයකට සමාන වනු ඇති බවට ප්‍රකාශ කර තිබිණ.
එම වාර්තාවට අනුව නේවාසික ගොඩනැගිලිවලට ඩොලර් මිලියන 985ක රෝහල්, පාසල්, ව්‍යාපාරික ස්ථාන, මහාපරිමාණ කර්මාන්තශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලිවලට ඩොලර් මිලියන 562ක හානියක් සිදුව තිබේ.
වී, එළවළු, වෙනත් වාණිජ බෝග, පශුසම්පත් හා වෙනත් යටිතල පහසුකම් ඇතුළුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සිදුවී ඇති හානිය ඩොලර් මිලියන 814ක් සහ මාර්ග,
පාලම්, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 1යි දශම 735ක් ලෙසට ලෝක බැංකුව ගණනය කර ඇත. එය සමස්ත හානියෙන් සියයට 42කි.
(nethnews)
සබැඳි පුවත් :
'දිට්වා' කළ සමස්ත විනාශය ගැන රජයෙන් නිල ප්‍රකාශයක් නැහැ ! - රට යළි ප්‍රතිස්ථාපනයේ ඇස්තමේන්තු මුදල කොපමණද ?
සුළි කුණාටුව ලංකාවට ඇමරිකානු ඩොලර් කෝටි හාරසිය දහයක විනාශයක් කරලා!




