The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත පනත හකුලා ගැනීමට බලපෑම්

T

The Leader Desk

December 26, 2025 • 3:53 AM

ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත පනත හකුලා ගැනීමට බලපෑම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තව දුරටත් කරුණු පැහැදිලි කරමින් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර එහිදී සඳහන් කර තිබුනේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව වන විටත් අනිවාර්ය සන්නද්ධ අරගලයක් පිළිබදව මතවාදයක් උතුරේ දරුණු ලෙස පැතිරී නොතිබු බවයි.
  • "හරියටම කිව්වොත් 1979 මේ පනත 48 දරණ පනත ගෙනාවට පස්සේ ඒ ගේන වෙලාවේ ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තු විවාදයේ පවා කියනවා සීයකටත් අඩු ඉතාම පොඩි ආයුධ සන්නද්ධ කල්ලියක් තමයි යාපනයේ ඒ වෙද්දි ඉන්නේ.
  • "මම නෙමෙයි කියන්නේ, මීට කලින් ATA එක පිළිබදව එහෙම නැතිනම් මීට කලින් රනිල් ගෙනාපු පනත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාග වෙද්දි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් අහනවා ඕගොල්ලෝ මේ පනත ගෙනාවේ මාස 6 ට කියලා නේද?
  • මාස 6න් ඉවර කරනවා කියලා නේද යැව්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


" මේ පනත ගෙනල්ලා ජේ.ආර් ජයවර්ධන සමත් උනා මාස 6 ක් ඇතුලත, ඒ වගේම අවුරුදු 4 ක් ගත වෙද්දි, ඉතාම පැහැදිලි ප්‍රබල සන්නද්ධ අරගලය හැර, ආයුධ ගන්නවා හැර මේ රාජ්‍යට එරෙහිව අපිට වෙන සටන් කරන්න ක්‍රමයක් නැ කියන මතය  දෙමළ සමාජය තුලත්, දකුනේ සිංහල සමාජයේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විවිධ කණ්ඩායම් තුලත් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ඇතුළු කණ්ඩායම් තුලත් ස්ථාපිත කරන්න. මුන්ට එරෙහිව ආයුධයක් අතට ගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ කියලා."

ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභිකයකු ලෙස මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර එම චෝදනාව එල්ල කළේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට බලය ලබාගත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව අලුතින් කෙටුම්පත් කර ඇති  'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට'   විරෝධය දැක්විම  සඳහා එම සන්ධානය විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.

තව දුරටත් කරුණු පැහැදිලි කරමින් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර  එහිදී සඳහන් කර තිබුනේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව වන විටත් අනිවාර්ය සන්නද්ධ අරගලයක් පිළිබදව මතවාදයක් උතුරේ දරුණු ලෙස පැතිරී නොතිබු බවයි.

"හරියටම කිව්වොත් 1979 මේ පනත 48 දරණ පනත ගෙනාවට පස්සේ ඒ ගේන වෙලාවේ ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තු විවාදයේ පවා කියනවා සීයකටත් අඩු ඉතාම පොඩි ආයුධ සන්නද්ධ කල්ලියක් තමයි යාපනයේ ඒ වෙද්දි ඉන්නේ. ඒ වෙද්දිත් මේ රටේ වෙනම රාජ්‍ය‍යක් බිහි කිරීමේ මතවාදය ශක්තිමත්ව ඒ වෙද්දි යම් දුරකට තිබුනා කියන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම සන්නද්ධ අරගලයක් පිළිබදව මතවාදයක් තිබුන් නෑ. සන්නද්ධ අරගලයක් පිළිබදව මතවාදයක් උතුරේ තිබුන් නෑ දරුණු පැතිරිච්ච මතයක් විදිහට."

46 වසරකට ඉහත දී ත්‍රස්තවාදය වැළැක්වීම සදහා බව පවසමින් ගෙන ආ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතින් පසුගිය දසක 4 තුළ අත්වු ප්‍රතිළුලය සම්බන්ධයෙන්  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ගෙන ආ නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග දියත් වන මොහොතේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විමසා ඇති ආකාරයත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික තරිදු උඩුවරගෙදර  අගනගරයේ මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනි.

"මම නෙමෙයි කියන්නේ, මීට කලින් ATA එක පිළිබදව එහෙම නැතිනම් මීට කලින් රනිල් ගෙනාපු පනත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාග වෙද්දි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් අහනවා ඕගොල්ලෝ මේ පනත ගෙනාවේ මාස 6 ට කියලා නේද? ගෙනල්ලා අර බුල් වීරතුංග කියලා එක්  කෙනෙක් යැව්වා නේද යාපනේට. මාස 6න් ඉවර කරනවා කියලා නේද යැව්වේ. ඊට පස්සේ අවුරුදු 40 ක් තිස්සේ ත්‍රස්තවාදය තිබුනා නේද? කියලා විනිසුරුතුමා අහනවාලු නීතිපති දෙපාර්තමේන්තුවෙන්."

සන්නද්ධ අරගලයෙන් තොර වෙනත් සටන් මාවතක් නොමැති බවට තරුණ පරම්පරාවට ඒත්තු ගැන්වීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනනේ,  ත්‍රස්තවාදය නිර්වචනය කර ඇති ආකාරයද හේතු වු බව ද ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභිකයා එහිදී සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට අනුර කුමාර දිසානායකට ජනාධිපති වරම ලබා දුන් ජනතාවගෙන් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික  තරිදු උඩුවරගෙදර දැඩිව ඉල්ලා සිටියේ නව රජය විසින් අලුතින් කෙටුම්පත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නැගී සිටින ලෙසයි.

"විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට ඡන්දේ දීලා මේ ආණ්ඩුව ගැන සහතික දුන්න, ප්‍රකාශ කරපු මේක හොදයි කියපු මිනිස්සු වහාම මේකට පියවර ගන්න. අත්දැකීමෙන් ඇවිල්ලා කතා කරන්න කියන ඉල්ලිම කරනවා. අපි අනිවාර්යෙන්ම සටන් කරනවා ඒ වගේම අපි පොරොන්දු වෙනවා අපිට පුළුවන් උපරිම සටන් කරලා මේ පනත පරාජය කරන්න පුළුවන් කියලා."

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් අලුතින් කෙටුම්පත් කර ඇති, Ministry of Justice and National Integration වෙබ් අඩවියේ සිංහල, දෙමළ, ඉංශ්‍රිසි භාෂා ත්‍රිත්වයෙන් පල කොට තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත  සම්බන්ධයෙන් මහජන මතය පෙබරවාරි 28 දක්වා  ඉදිරිපත් කළ හැකි බව පවසන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර  ඉතා ඕනෑ කමින් ඒවා බලා රජයට සහාය වන ලෙස රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.

"මම ජනතාවට ආරාධනා කරනවා අපි ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා ජනතාවගේ අදහස් උදහස් ගැනීමට මෙහි තව සංශෝධනයන් සිදු කළ යුතු නම් ඒ කුමක්ද යන්න සම්බන්ධයෙන් අදහස් ගැනීමට මේ කාලය විවෘතව පවතිනවා. මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා ඉතා ඕනෑ කමින් ඒවා බලලා රජයට සහාය වෙන්න කියලා අලුත් අදහස් උදහස් ලබා දී. "

පිටු 90 කින් යුත් එම කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් දැක්වීම  සඳහා මුලින් මාසයක කාලයක් පමණක් වෙන් කර තිබුණත් සමාජ මාධ්‍ය ඔස්සේ නැගුණු විරෝධයෙන් අනතුරුව කාලය දිගු කොට තිබේ.

එය අවසානාත්මක වු පනතක් නොව ජනතාවගේ අදහස් උදහස් සහ සංශෝධන යෝජනා ගැනීම සදහා වු කෙටුම්පතක් වශයෙන් ජනතාව ඉදිරියේ පවතින්නක් බව විඩියෝවක් නිකුත් කරමින් අමාත්‍යවරයා තව දුරටත්  අවධාරණය කර තිබුනි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...