The Leader News
BREAKING
Top Ad
පුවත්

ආයුධ වෙනුවට චක්‍රලේඛ යොදාගෙන ‘මහා ජන සංහාරයකට සැලසුමක්’

T

The Leader Desk

December 26, 2025 • 4:45 AM

ආයුධ වෙනුවට චක්‍රලේඛ යොදාගෙන ‘මහා ජන සංහාරයකට සැලසුමක්’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කර තිබුනේ මීට ඉහතදී බලයේ සිටි පාලකයන් අවි ආයුධවලින් දෙමළ ජනයා වර්ග සංහාරය කළ අයුරින්ම ජාතික ජන බලවේග රජය ඉතා සුක්ෂම අයුරින් චක්‍රලේඛ හා ලියකියවිලි හරහා තවත් මහා ජන සංහාරයකට උත්සාහ දරන බවටයි.
  • "2025 අගෝස්තු 22 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කරපු මේ ‘ප්‍රජා ශක්ති’ දිළිඳුකම පිටුදැකීමේ ජාතික ව්‍යාපාරය ගැන බලන්න.
  • එහි සදහන්ව තිබුනේ ඒ අනුව, ‘මෙකී නව ප්‍රවේශය ඔස්සේ ප්‍රජාව සවිබල ගැන්වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමට නව ව්‍යුහාත්මක වෙනස්කම් තුනක් යෝජනා කර ඇති’ බවයි.
  • "ජාතික මට්ටමේ දී “ප්‍රජාශක්ති” ජාතික ප්‍රතිපත්ති සභාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපනය කර ඇති අතර, අමාත්‍යවරු 09 ‍දෙනෙකු එහි සාමාජිකත්වය දරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කර තිබුනේ මීට ඉහතදී බලයේ සිටි පාලකයන් අවි ආයුධවලින් දෙමළ ජනයා වර්ග සංහාරය කළ අයුරින්ම ජාතික ජන බලවේග රජය ඉතා සුක්ෂම අයුරින් චක්‍රලේඛ හා ලියකියවිලි හරහා තවත් මහා ජන සංහාරයකට උත්සාහ දරන බවටයි.

 

ඡන්දයෙන් තේරී පත්ව  සිටින මහජන නියෝජිතයන්ගේ සහාය “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන සදහා ලබා නොගැනිම තුල ඔවුන් ගැටලුවකට මුහුණ දී සිටින ආකාරය ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දි තිබුනි.

 

"2025 අගෝස්තු 22 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කරපු මේ ‘ප්‍රජා ශක්ති’ දිළිඳුකම පිටුදැකීමේ ජාතික ව්‍යාපාරය ගැන බලන්න. මේ ප්‍රජා ශක්ති ව්‍යාපාරය හරහා කරන්නේ මොකක්ද? මේ රටේ ඡන්දයෙන් තේරී පත්වුණු පාර්ලිමේන්තුව, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල ඉන්න මහජන නියෝජිතයන්ගේ වැඩකටයුතු ප්‍රශ්නාර්ථයකට ලක් කරලා, ඒ අයව අඩපණ කරන එකයි මේකෙන් වෙන්නේ."

පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් තව දුරටත් පෙන්වා දුන්නේ “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන සදහා සම්බන්ධවීමට විපක්ෂයේ ජනතා නියෝජිතයන්ට කිසිදු අවස්ථාවක් ලබා දී නොමැති බවයි.

"මේකේ අරමුණ දිළිඳුකම නැති කරන එකයි, සංවර්ධන යෝජනා ගේන එකයි නම්, දැනටමත් ජනතාව තෝරලා පත් කරලා ඉන්න මේ ප්‍රාදේශීය සභාවලට, නගර සභාවලට තියෙන රාජකාරිය මොකක්ද? ඇයි මේ ජනාධිපතිවරයා නිකුත් කරපු චක්‍රලේඛයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිම අවස්ථාවක් දීලා නැත්තේ? ඇමතිවරුන්ට, ලේකම්වරුන්ට, ජනාධිපතිට, ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට විතරයි මේ බලතල දීලා තියෙන්නේ."

 

මෙරට දිළිඳු බව පිටුදැකීමට ඉහළම දායකත්වයක් සපයා ඇති අධ්‍යාපන ක්ෂේත්‍රය, දිළිඳුබව තුරන් කිරීමේ ප්‍රවේශයක් ලෙස මේ දක්වා විධිමත්ව හඳුනාගෙන නොමැති අතර, එවැනි උපායමාර්ගයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඒකාබද්ධ ප්‍රවේශය සකස් කිරීමට නියමිත අතර “ප්‍රජාශක්ති” වැඩසටහන මගින් දරිද්‍රතාව කෙරෙහි බලපාන සෞඛ්‍යය, ප්‍රවාහනය, ආහාර සුරක්ෂිතතාව, අලෙවිකරණය වැනි අංශ කෙරෙහිද මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය 2025 ජුලි 01 වැනිදා නිවේදනය කර තිබුනි.

 

එහි සදහන්ව තිබුනේ  ඒ අනුව, ‘මෙකී නව ප්‍රවේශය ඔස්සේ ප්‍රජාව සවිබල ගැන්වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමට නව ව්‍යුහාත්මක වෙනස්කම් තුනක් යෝජනා කර ඇති’ බවයි.

"ජාතික මට්ටමේ දී “ප්‍රජාශක්ති” ජාතික ප්‍රතිපත්ති සභාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපනය කර ඇති අතර, අමාත්‍යවරු 09 ‍දෙනෙකු එහි සාමාජිකත්වය දරයි. මෙම වැඩසටහන නව ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රතිපත්ති සභාවේ අරමුණ වන අතර එහි කැඳවුම්කරු ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා කටයුතු කරයි."

ප්‍රතිපත්ති සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාශක්ති ජාතික මෙහෙයුම් කමිටුවක්ද අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතුව ස්ථාපනය කර ඇති අතර එහි සාමාජිකයින් ලෙස අමාත්‍යාංශ ලේකම්වරු 9 දෙනෙක් හා පළාත් සභා ප්‍රධාන ලේකම්වරු කටයුතු කරන අතර  කමිටුවේ ලේකම් හා කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන පරිපාලන) කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය 2025 ජුලි 01 වැනිදා නිවේදනය කර තිබුනි.

එහි තව දුරටත් සදහන්ව තිබුනේ  මෙම ජාතික වැඩසටහන, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, අමාත්‍යාංශ හා පළාත් සභා ඔස්සේ ජාතික මට්ටම දක්වා සම්බන්ධීකරණය කිරීමට ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් ප්‍රජා සංවර්ධන සභාවක් ස්ථාපනය කරන බවයි.

"මෙම කමිටුවේ සභාපතිවරයා, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරයා විසින් පත් කරනු ලබන අතර ලේකම්වරයා ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් අනුයුක්ත කරනු ලබන නිලධාරියකු පත් කෙරේ."

ප්‍රජාව සවිබල ගැන්වීමේ කාර්යය සඳහා ඉවහල් වන සංවර්ධන තීරණ ගැනීමටත්, විශේෂයෙන් සමාජ සුරක්ෂිතතාව ලබා දිය යුතු පිරිස් හඳුනා ගැනීමටත් මෙම සභාව කටයුතු කිරීමට නියමිත බව සදහන් කරන ජනාධිපති මාධ්‍ය අංශය  ඒ සඳහා අදාළ ප්‍රදේශයේ විද්වතුන්, ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, කර්මාන්කරුවන්, රජයේ සේවකයින් ඇතුළු සෑම ජන කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි පිරිසක් පත් කර ගැනීම සිදු කරන බව තව දුරටත් නිවේදනය කර තිබුනි.

 

මහජන ඡන්දයෙන් තේරී පත් වු ජනතා නියෝජිතයන්ට එවැනි තත්වයක් තුළ ඉටු කිරීමට පැවරෙන වගකීම කුමක්දැයි ප්‍රශ්න කරන ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ශිවඥානම් ශ්‍රී ධරන් 2025 දෙසැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුවේදී යෝජනා කර තිබුනේ මහජන ඡන්දයකින් ජනතා නියෝජිතයන් පත් කර ගැනීම සම්පුර්ණයෙන්ම නවතා දමන ලෙසයි.

 

"එහෙම නම් මේ රටේ ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරුන්ට, නගරාධිපතිවරුන්ට, සභාපතිවරුන්ට කරන්න ඉතිරි වෙලා තියෙන වැඩේ මොකක්ද? එහෙනම් මේ සභාවල් ඔක්කොම විසුරුවලා දාන්න. මේ රටේ ඡන්දයකින් නියෝජිතයෝ පත් කරගන්න එක නතර කරලාම දාන්න."

මහජන ඡන්දයෙන් තේරී පත් වු ජනතා නියෝජිතයන් පසෙකලා සම්බන්ධීකරණ කමිටු සභාපතිට අවශ්‍ය ලෙස ග්‍රාම සේවා වසමකට නායකයෙක් පත් කිරීමට බලය පැවරීම කුමන ආකාරයේ නීතියක්දැ’යි දෙමළ ජනතා නියෝජිතයා පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රශ්න කර තිබුනි.

"වසර 60කට වඩා කාලයක් අවි අතට ගත්තු ව්‍යාපාරයක් විදිහට ඉඳලා, දැන් ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දෙන් පත්වුණා කියලා අපිම කියනවා. හැබැයි එහෙම පත්වුණාට පස්සේ, මන්ත්‍රීවරුන්වයි පළාත් පාලන නියෝජිතයන්වයි පැත්තකට කරලා ජනාධිපතිට ඕන ඕන අයව පත්කරන එකද ප්‍රජාතන්ත්‍රවාදය? මේක අමු අරාජිකත්වයක්! අපේ ඇස් පනාපිටම මේ ප්‍රජා ශක්ති සාමාජිකයෝ ලවා ඔබලා කරන්නේ ලොකු විනාශයක්.”

 

විපක්ෂයේ ජනතා නියෝජිතයා පසෙකලා ආණ්ඩුවේ පරාජිත අපේක්ෂකයකු 'ප්‍රජා ශක්ති' නායකයා ලෙස පත් කිරීමේ පසු බිමක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ අරාජිකත්වයදැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා තව දුරටත් ප්‍රශ්න කර තිබුනි.

 

"එක කොට්ඨාසයකට ඡන්දෙන් පත්වුණු මහජන නියෝජිතයෙක් ඉන්නවා. හැබැයි ඒ කොට්ඨාසයෙම ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ව ඔබේ පක්ෂයෙන් 'ප්‍රජා ශක්ති' නායකයා විදිහට පත් කරනවා. මේ රටේ දැන් ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවක්ද නැත්නම් පක්ෂයක්ද? මේක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්ද නැත්නම් NPP එකේ අරාජිකත්වයක්ද කියන එක මුලින්ම පැහැදිලි කරන්න."

මීට ඉහතදී රටේ  බලය හෙබවු  පාලකයන් අවි ආයුධවලින් දෙමළ ජනයා වර්ග සංහාරය කළ අයුරින්ම ජාතික ජන බලවේග රජය ඉතා සුක්ෂම අයුරින් චක්‍රලේඛ ලියකියවිලි හරහා තවත් මහා ජන සංහාරයකට උත්සාහ දරණ බවට දෙමළ ජනතා නියෝජතයා දැඩි ලෙස ආණ්ඩුවට  චෝදනා කර තිබුනි.

"පහුගිය කාලේ හිටපු පාලකයන්ට ඔබලා ගල් ගැහුවා, විවේචනය කළා, ඒ අය වැරදියි කිව්වා. හැබැයි දැන් ඔබලා මොකක්ද මේ කරන්නේ? එදා ඒ අය අවි ආයුධවලින් අපේ ජනතාව ම මරා දැම්මා, වර්ග සංහාර කළා. අද NPP එක ඉතාම සූක්ෂ්ම විදිහට, චක්‍රලේඛ හරහා, ලියකියවිලි හරහා තවත් මහා ජන සංහාරයකට, ජන වර්ගයක් විනාශ කරන්න උත්සාහ කරනවා."

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින්, සමාජය සවිබල ගැන්වීමේ බහුවිධ ප්‍රවේශයක් සහිත වැඩසටහනක් ලෙස හඳුන්වමින් ප්‍රජාශක්ති ජාතික වැඩසටහන 2025  ජූලි 4 සිකුරාදා දින ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබුනි.

 

ජනාධිපති මාධ්‍ය අංශය 2025 ජුලි 1 වැනිදා නිවේදනය කර තිබුනේ  මේ වන විට මෙරට මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයන් 6 දෙනකුගෙන් එක් අයකු බහුමාන දරිද්‍රතාවෙන් පෙළෙන අතර, මෙම පිරිසෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන බවයි. මෙම තත්වය  අඛණ්ඩව ඉදිරියටත් පැවතීම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට බලපාන අතර  ඒ අනුව සමාජය සවිබල ගැන්වීම සහ අවදානම් සහගත කණ්ඩායම් තෝරාගෙන විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කිරීම මේ යටතේ සිදු කරන බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...