ජනවාරියේ තවත් එවැනි නළ 250,000ක් පැමිණෙන බවත් ඔහු කියා සිටියේය.
නව අවුරුදු සමය තුළ දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලිස් ස්ථාන මගින් දියත් කර ඇති බවත්, බීමත් රියැදුරන් නිසා මාරක රිය අනතුරු, දේපළ හානිවීම් වැඩි වශයෙන් සිදුවන බවත් එය පාලනය කර ගැනීම සඳහා පොලිස් ස්ථාන මගින් විශේෂ මෙහෙයුම් සිදුකරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය.
මේ වනවිට ශ්වසන පරීක්‍ෂණ නළ 75,000 ක් ගෙන්වා පොලිස් ස්ථානවලට බෙදාහැර ඇති අතර ජනවාරිවල තවත් එවැනි නළ 250,000 ක් මෙරටට ලැබීමට නියමිත බවද ඔහු පැවසිය.
බීමතින් රිය පදවා දැන් බේරෙන්න බැහැ
සිංහල අවුරුදු සමයෙන් පසුවද බීමත් රියැදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ක්‍ෂණික මෙහෙයුම් (විශේෂයෙන් රාත්‍රී කාලයට) සිදුකිරීමට පොලිස් ස්ථාන මගින් කටයුතු කරනු ඇති බවද ඔහු තවදුරටත් කීය.
පෙරේදා (24දා) පමණක් බීමත් රියැදුරන් 136ක් පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත.
( divaina | චමින්ද සිල්වා)




