The Leader News
BREAKING
Top Ad
පුවත්

වෙරළේ මීටර් සිය ඈවරයි: අනවසර ඉදිකිරීම්වලට ඉඩ දෙන නව නීති !

T

The Leader Desk

December 26, 2025 • 6:00 AM

වෙරළේ මීටර් සිය ඈවරයි: අනවසර ඉදිකිරීම්වලට ඉඩ දෙන නව නීති !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම නව නීතියට 2026 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මත වීමට නියමිත අතර ඊට අදාළ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව මගින් සිදුවෙමින් ඇතැයි වාර්තා වේ.
  • යෝජිත නීති ප්‍රතිසංස්කරණය මගින් වාර්ෂික බලපතක් හිමි වන ක්‍රමයක් සැකසෙන බව මීට පෙර වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
  • පවතින නීතිය අනුව වෙරළේ තුරුලතා මායිමේ සිට ම ඉදිකිරීම නීතියෙන් තහනම් නමුත් එවැනි ඉදිකිරීම් 1,600ක් පමණ දැනටමත් පවතින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ ය.
  • සුනාමියෙන් පසු මිනිසුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් නීති සම්පාදනය කළ ද ඒවා නොතකමින් දිනපතා ම අනවසර ඉදිකිරීම් සිදුවන බවට ඔහු චෝදනා කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම නව නීතියට 2026 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මත වීමට නියමිත අතර ඊට අදාළ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව මගින් සිදුවෙමින් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, සුනාමි ව්‍යසනයෙන් පසුව මීටර සියයේ සිට තුන්සියය දක්වා වෙරළ තීරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නීතියේ වෙනසක් එමගින් සිදුවේ.

යෝජිත නීති ප්‍රතිසංස්කරණය මගින් වාර්ෂික බලපතක් හිමි වන ක්‍රමයක් සැකසෙන බව මීට පෙර වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

 

සංචාරක කර්මාන්තයේ ව්‍යාප්තිය හා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙතෙක් නීතිය නිසිආකාරයෙන් ක්‍රියාත්මක නොවීම මත මීටර් සියයේ සීමාව ආදිය ප්‍රායෝගික නොවන මට්ටමට පැමිණ ඇති බැවින් මෙම නීති සංශෝධන සිදුවන බව මේ සම්බන්ධයෙන් කළ වීමසීමේදී වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  ප්‍රදීප් කුමාර පැවසීය.

 

පවතින නීතිය අනුව වෙරළේ තුරුලතා මායිමේ සිට ම ඉදිකිරීම නීතියෙන් තහනම් නමුත් එවැනි ඉදිකිරීම් 1,600ක් පමණ දැනටමත් පවතින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ ය.

සුනාමියෙන් පසු මිනිසුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් නීති සම්පාදනය කළ ද ඒවා නොතකමින් දිනපතා ම අනවසර ඉදිකිරීම් සිදුවන බවට ඔහු චෝදනා කළේ ය.

සංචාරක කර්මාන්තයේ නිරත ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් දහ පහළොස් දහසේ දඩ පහසුවෙන් ගෙවමින් වැරද්දට ආවරණයක් ගනිමින් සිටින නමුත් ඊට එරෙහිව ක්‍රියා කිරීමට පවතින නීතිය ප්‍රමාණවත් නැති බව ද මහාචාර්යවරයා කීවේය.

ඒ අනුව, දැනට ඉදිකර ඇති අනවසර ඉදිකිරිම්වලට වාර්ෂිකව රුපියල් ලක්ෂ විසි පහක් තිහක් වැනි විශාල දඩ මුදලක් ගෙවා තවදුරට ත් පවත්වා ගෙන යෑමට නීති සංශෝධනය වන බව ඔහු පැවසීය.

 

අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, දැනට පවතින අනවසර ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ ගණනක වාර්ෂික දඩයක් අය කිරීමේ නීති සංශෝධනයකට ගොස් නව ඉදිකිරීමි නතර කිරීමට කටයුතු කරන බව ය.

 

මහාචාර්යවරයා මෙසේද කීය.

“දැනටත් පොලිස් පැමිණිලි මත වෙරළ තීරයේ ඉදිකර ඇති ගොඩනැගිලි අපි ඉවත් කිරීමේ සිදු කරනවා. ඒත් මේ දක්වා සාදන ලද 1,600කට අධික ගොඩනැගිලි කඩන්න ගියෝතින් ගල්කිස්ස, මොරටුව වගේ තැන්වල තියෙන ගොඩනැගිලි එකක් නෑර කඩන්න වෙනවා. සමහර ගොඩනැගිලි තියෙන තැන්වලට බැකෝ යෑමට නොහැකි නිසා කැඩීමේ අපහසුතාත් තියෙනවා. ඒක නිසා වෙරළ තීරයේ මේ දක්වා ඉදිකර තියෙන ගොඩනැගිලි මෙතරම් කාලයක් තිස්සේ තිබූ බවට ඔප්පු කරලා, ඊට නියමිත දැඩි දඩයක් ගෙවා හෝ නැත්නම් එම ගොඩනැගිලි ඉවත් කර ගත යුතු යි. කෙසේ වෙතත්, නැවත අලුතින් ඉදිකිරීම සිදු කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රමවේදය පිළිබඳ අපව දැනුවත් කරයි. අලුතින් ඉදිකිරීම් කරන්න දෙන්නේ නැහැ. කලින් හිටපු කට්ටියට අසාධාරණයක් නොවන්න ඔවුන් අප තියා ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා වසරකට රුපියල් ලක්ෂ විසි පහක හෝ තිහක දඩයක් ගැසීමට අපි බලාපොරොත්තු වෙනවා.”

(Mawbima | බිඟුන් මේනක ගමගේ, ජනුදී ගෝමස්)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...