The Leader News
BREAKING
Top Ad
පුවත්

වැලිගමට සභාපතිවරයකු පත් කිරිම කල් ගිය හේතුව ?

T

The Leader Desk

December 26, 2025 • 5:19 PM

 වැලිගමට සභාපතිවරයකු පත් කිරිම කල් ගිය හේතුව ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කල් තැබිමට දකුණු පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් පියවර ගත්තාය.
  • වැලිගම පාදේශිය සභාවේ සභාපති ලෙස කටයුතු කල ලසන්ත වික්‍රමසේකර (ස.ජ.බ ) පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූහ.
  • එම පුරප්පාඩුවට නව සභාපතිවරයකු තෝරාපත් කර ගැනීම සදහා ජන්ද විමසුම අද දින පැවැත්වීමට නියමිතව තිබූ අතර දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් ගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු පෙරවරු 10:00 පමණ ආරම්භ කළාය.
  • සභාවේ මුළු සභිකයන් සංඛ්‍යාව 45 වුවත් සභාවට පැමිණ සිටියේ සංඛ්‍යාව 15 දෙනකු පමණී.
අකුරු ප්‍රමාණය (Font Size):

කල් තැබිමට දකුණු පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් පියවර ගත්තාය.

වැලිගම පාදේශිය සභාවේ  සභාපති ලෙස කටයුතු කල ලසන්ත වික්‍රමසේකර (ස.ජ.බ ) පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූහ.

එම පුරප්පාඩුවට නව සභාපතිවරයකු  තෝරාපත් කර ගැනීම සදහා ජන්ද විමසුම අද දින පැවැත්වීමට නියමිතව තිබූ අතර දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් ගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු පෙරවරු 10:00 පමණ ආරම්භ කළාය.

සභාවේ මුළු සභිකයන් සංඛ්‍යාව 45 වුවත් සභාවට පැමිණ සිටියේ සංඛ්‍යාව 15 දෙනකු පමණී.  එ අනුව අදාල ඝණ පූර්ණය සඳහා 23 ක් සිටිය යුතු බැවින් සභාවේ කටයුතු විනාඩි 30 කට කල් තැබීමට කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස්  පියවර ගත්තාය.

අනතුරුව නැවත් සභාවේ කටයුතු පෙරවරු 10:30 ට ආරම්භ කළ අතර එහිදි සභාවේ අවශ්‍ය ගණපූර්ණය නොමැති වීම නිසා පළාත් පාලන ආයතන ඡන්ද විමසුමේ ආඥා පනතේ 66 ඇ 4 - 1 උප වගන්තියේ යටතේ සභාවේ කටයුතු දින නියමයක් නොමැතිව කල් තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගත්තාය.

හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයෙන් පසු සභාපතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා මීට පෙරත් උත්සහා කළ ද එය ද අසාර්ථක විය.  

කෙසේ වුවද ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු සභාවට පැමිණ සිටි අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරු කිසිවකු සභාවට පැමිණ නොසිටියහ.

(lankadeepa | තරංග ගුණරත්න)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...