2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත යටතේ මෙය පාලනය වේ.
මහා භාරකාර විසින් භාරකාර ඔප්පුවක් මගින් මීට අදාළ භූමිය අරමුදලට පවරා ඇති අතර, එහි සඳහන් කොන්දේසි අරමුදල මඟින් උල්ලංඝනය කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ. එම පනතේ 19 වැනි වගන්තියට අනුව අම්බුළුවාව නිර්මාතෘවරයා ගරු දිසානායක මුදියන්සේලාගේ ජයරත්න විය යුතු බව දක්වා ඇත.
නිර්මාතෘවරයා විසින් පත් කරනු ලබන හත් දෙනකුගේ බහුතරයක් සහිත මේ භාර අරමුදල පිළිබඳ දැඩි විවේචනයක් එල්ල වී තිබේ. එහි පාලනය සිදු වන ආකාරය, ඒ සඳහා ඉඩම් දී ඇති ආකාරය මෙන්ම අම්බුළුවාවේ සංවර්ධන කටයුතු සඳහා රජයේ මුදල් වැය කර ඇති ආකාරයද බරපතළ ගැටලුවක් බව මේ වන විට අනාවරණය වී තිබේ.
බුද්ධ ශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු මීට අදාළ ආයතනවල නිලධාරීන් මෙහි කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටින අතර, සංචාරක කර්මාන්තයට හානියක් සිදු නොවන ලෙස එම කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.
( silumina | ශාලික විමලසේන)




