The Leader News
BREAKING
Top Ad
පුවත්

හිරුට එරෙහි පොලීසියේ ක්‍රියාමාර්ගය: ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය කනස්සල්ල පළකරයි

T

The Leader Desk

December 27, 2025 • 3:13 AM

හිරුට එරෙහි පොලීසියේ ක්‍රියාමාර්ගය: ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය කනස්සල්ල පළකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරියගේ අත්සනින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත යවා ඇති ලිපියක් මගින් මෙම ක්‍රියාවන්ට එරෙහිව පෙනී සිටින ලෙසත් මාධ්‍ය නිදහස සුරැකීමට සාමූහිකව එක්වන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.
  • කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් නැහැ' - ජනමාධ්‍ය ඇමති මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, කිසිඳු ආකාරයක මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක නොමැති බවයි.
  • රජය මාධ්‍ය නිදහස මර්ධනය කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, සියලු ආකාරයේ මාධ්‍යවලින් විවේචනවලට අවසර ඇති නමුත් අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව පියවර ගත යුතු බව පැවසීය.
  • කෙසේ නමුත් ඇතැම් මාධ්‍ය නාලිකා සහ ඇතැම් සමාජ මාධ්‍ය කණ්ඩායම් අසත්‍ය හා විකෘති ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ආපදාවෙන් රට ගොඩඒමේ ක්‍රියාවලියට බාධා පමුණුවමින් සිටින බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ පිළිබඳව විකාශය වූ පුවතට අදාලව එහි අන්තර්ගතයේ කොටස් ප්‍රතික්ෂේප කරමින් පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට (TRC) පැමිණිලි කිරීම මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (a) වගන්තිය යටතේ සහතික කර ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් එය මාධ්‍ය නිදහසට හා මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතියට දැඩි තර්ජනයක් බවත් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය තවදුරටත් අවධාරණය කර සිටියි.

මේ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරියගේ අත්සනින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත යවා ඇති ලිපියක් මගින් මෙම ක්‍රියාවන්ට එරෙහිව පෙනී සිටින ලෙසත් මාධ්‍ය නිදහස සුරැකීමට සාමූහිකව එක්වන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.

කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් නැහැ' - ජනමාධ්‍ය ඇමති

 මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, කිසිඳු ආකාරයක මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක නොමැති බවයි.

රජය මාධ්‍ය නිදහස මර්ධනය කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, සියලු ආකාරයේ මාධ්‍යවලින් විවේචනවලට අවසර ඇති නමුත් අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව පියවර ගත යුතු බව පැවසීය.

කෙසේ නමුත් ඇතැම් මාධ්‍ය නාලිකා සහ ඇතැම් සමාජ මාධ්‍ය කණ්ඩායම් අසත්‍ය හා විකෘති ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ආපදාවෙන් රට ගොඩඒමේ ක්‍රියාවලියට බාධා පමුණුවමින් සිටින බව ඇමතිවරයා පෙන්වා දුන්නේය. එසේම ඇතැම් මාධ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍ර පිළිබඳව අවිශ්වාසයක් ඇති කිරීමට සහ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන ආකාරයේ ප්‍රවෘත්ති ප්‍රචාරය කරමින් සිටින බවත් එවැනි අවස්ථාවල දී රට තුළ පවතින සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමට රජය බැදී සිටින බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි ආකාරයේ දුස්මත, විකෘතිමය ප්‍රචාරය කරනු ලබන මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න මහජනතාව ආණ්ඩුවෙන් විමසා සිටින බවයි.

එවැනි විකෘති පුවත් නිර්මාණය වූ පසු, රජය ඉතා සංයමයෙන් ඒවා නිවැරදි කරගැනීමට මැදිහත්ව කටයුතු කරන බවත් මාධ්‍ය මර්ධනය කිරීමට වුවමනාවක් නොමැති බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...