ලද පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව පියවර ගැනීමට රජය බැඳී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් ලැප්ටොප් පරිඝණක ලබා දීමේ අවස්ථාවට එක්වෙමිණි.
සමාජ මාධ්‍ය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍රවලට රජය විවේචනය කිරීමටත්, එහි අඩුපාඩු පෙන්වා දීමටත් පූර්ණ නිදහස පවතින බව එහිදී ඔහු පෙන්වා දුන්නේය.
ඇතැම් රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය ජාලා මගින් පතුරුවනු ලබන අසත්‍ය තොරතුරු හේතුවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වීම, සුළි කුණාටුවෙන් පසු සිදුකෙරෙන යළි ගොඩනැංවීමේ කටයුතුවලට බාධා පැමිණීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ජනතාව තුළ සැකයක් ඇති වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ඔහු එහිදී සඳහන් කළේය.
මෙවැනි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත්, රජය මෙතෙක් නිහඬව සිටීම සම්බන්ධයෙන් මහජනතාව රජයට චෝදනා කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී පෙන්වා දුන්නේය.
රජය මැදිහත් වන්නේ යම් පුවතක් අසත්‍ය හෝ විකෘති සහගත ලෙස පළ වූ අවස්ථාවකදී එය නිවැරදි කිරීමට පමණක් බවත්, කිසිදු අවස්ථාවක මාධ්‍ය මර්දනය රජයේ අරමුණ නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය




