The Leader News
BREAKING
Top Ad
පුවත්

ජන අරගල සන්ධානයෙන් ආණ්ඩුවට අභියෝගයක්

T

The Leader Desk

December 27, 2025 • 4:48 PM

 ජන අරගල සන්ධානයෙන් ආණ්ඩුවට අභියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් රජය සෘජු ප්‍රකාශයක් සිදුකළ යුතු බව ජන අරගල සන්ධානය පවසයි.
  • ඔවුන් පෙන්වා දෙන්නේ 'දිට්වා' සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබද ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින් පිරිසක් විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවය.
  • ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් මේ වනවිටත් ලබා ගෙන ඇති අතර, ඉදිරියේ දී තවත් ණය ලබාගැනීමට සිදුවනු ඇති බව ද එම විශේෂඥයින් පෙන්වා දී තිබේ.
  • මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බාහිර ස්වෛරී ණය ගෙවීම් වහාම අත්හිටුවීම සහ නව තත්ත්වයන් යටතේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් රජය සෘජු ප්‍රකාශයක් සිදුකළ යුතු බව ජන අරගල සන්ධානය පවසයි.

දිට්වා ආපදාව හමුවේ IMF වැඩසටහනට සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව කලයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  ජන අරගල සන්ධානය විසින් ඊයේ (26) දින විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබු අතර ඒ සඳහා ජන අරගල සන්ධානයේ විධායක සභිකයින් වන දුමින්ද නාගමුව, ස්වස්තිකා අරුලිංගම් සහ නුවන් බෝපගේ    ඇතුළු පිරිසක් සහභාගී විය.

ඔවුන් පෙන්වා දෙන්නේ 'දිට්වා' සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබද ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින් පිරිසක් විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවය.

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ ආර්ථීක විශේෂඥයින් 121 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් මේ වනවිටත් ලබා ගෙන ඇති අතර, ඉදිරියේ දී තවත් ණය ලබාගැනීමට සිදුවනු ඇති බව ද එම විශේෂඥයින් පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බාහිර ස්වෛරී ණය ගෙවීම් වහාම අත්හිටුවීම සහ නව තත්ත්වයන් යටතේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.


''ආණ්ඩුව මෙම නිවේදනය වැඩි අවධානයෙන් සලකා බැලිය යුතුයි''

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පවසන්නේ, ආණ්ඩුව මෙම නිවේදනය වැඩි අවධානයෙන් සලකා බැලිය යුතු බවය.

"අද වෙනකොට ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික විශේෂඥයෝ 121 දෙනෙක් ලංකාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒ ප්‍රසිද්ධ ප්‍රකාශයේ ඔවුන් පැහැදිලිව කියනවා ලංකාවට ණය ගෙවන්න බැරි වෙනවා ඉදිරි කාලපරිච්ඡේදයේදී.

ඒ නිසා ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කරනවා ණය ගෙවීමේ අත්හිටුවීමක් දෙන්න. ඒ ණය ගිවිසුම් දෙක ⁣සලකා බලන්න.අපි රට ඇතුළේ ඉඳලා කියපු කාරණය පිළිගන්න බැරි නම් ලෝකයේ  ඉන්න ප්‍රබලම ආර්ථික විශේෂඥයෝ කියලා තියන දේ සලකා බලන්න කියලා අපි ආණ්ඩුවට කියනවා".

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...