මෙරටට ගෙන්වන සෑම වාහනයකටම ආනයනය කර මාස තුනක් ඉක්ම ගිය පසුව සියයට තුනක (3%) දඬුවම් මුදලක් (Penalty) අය කෙරෙන බවත් ආපදා තත්ත්වයෙන් තමන්ට ඇතිවූ ගැටලු නිසා එම කාල සීමාවේදි බොහෝ දෙනකුට තමා විසින් ඇණවුම් කරන ලද වාහන මිලදී ගැනීමට නොහැකි වී ඇතැයිද ඔහු කීවේය.
එම නිසා මෙම සියයට තුනක (3%) මුදල අය නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කළේ ය.
එමෙන්ම මේ වන විට වාහන ලීසිං පොලී අනුපාතද සියයට දාහතරක් - පහළොවක් (14% -15%) දක්වා ඉහළ ගොස් ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන එන්ජින් ධාරිතාව දහසට (1000cc) වඩා අඩු වැගන් ආර්, ඇල්ටෝ, යාරිස් සහ හස්ට්ලර් වැනි වාහන සඳහා අයකරන බදු අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.
වැගන්ආර් රථයකට රුපියල් ලක්ෂ 40 ක්, ඇල්ටො රථයකට රුපියල් ලක්ෂ 35 ක් 36 ක්, යාරීස් රථයකට රුපියල් ලක්ෂ 44 ක් - 45ක් පමණ බදු අය කරන බවද මෙය ජපානයේ වෙන්දේසියෙන් වාහන ලබා ගන්නා මිල මෙන් දෙගුණයකට සමාන වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
(aruna | සාලිය කුමාර ගුණසේකර)
ඇනවුම් කළ වාහන ගන්න පාරිභෝගිකයන්ට මුදල් නැහැ
T
The Leader Desk
December 28, 2025 • 4:32 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙරටට ගෙන්වන සෑම වාහනයකටම ආනයනය කර මාස තුනක් ඉක්ම ගිය පසුව සියයට තුනක (3%) දඬුවම් මුදලක් (Penalty) අය කෙරෙන බවත් ආපදා තත්ත්වයෙන් තමන්ට ඇතිවූ ගැටලු නිසා එම කාල සීමාවේදි බොහෝ දෙනකුට තමා විසින් ඇණවුම් කරන ලද වාහන මිලදී ගැනීමට නොහැකි වී ඇතැයිද ඔහු කීවේය.
- එම නිසා මෙම සියයට තුනක (3%) මුදල අය නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කළේ ය.
- එමෙන්ම මේ වන විට වාහන ලීසිං පොලී අනුපාතද සියයට දාහතරක් - පහළොවක් (14% -15%) දක්වා ඉහළ ගොස් ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
- එමෙන්ම සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන එන්ජින් ධාරිතාව දහසට (1000cc) වඩා අඩු වැගන් ආර්, ඇල්ටෝ, යාරිස් සහ හස්ට්ලර් වැනි වාහන සඳහා අයකරන බදු අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



