The Leader News
BREAKING
Top Ad
පුවත්

ව්‍යවස්ථාදායක සභාවට අලුතින් මුහුණු එනකන් ලංකාවට විගණකාධිපතිවරයෙක් නෑ !

T

The Leader Desk

December 28, 2025 • 5:53 AM

ව්‍යවස්ථාදායක සභාවට අලුතින් මුහුණු එනකන් ලංකාවට විගණකාධිපතිවරයෙක් නෑ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථා සභාවේ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ වසර 3ක් වු ධුර කාලය ජනවාරි දෙවැනිදා අවසන් වීම නිසාය.
  • එබැවින් ජනවාරි 2 දාට පසු නව සභිකයන් පත් කිරීමෙන් පසු විගණකාධිපතිවරයා පත්වීම සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
  • ජනපතිවරයා විසින් අලුතෙන්ම ඉදිරිපත් කළ රාජසිංහ ගේ නම ප්‍රතික්ෂේප කිරීමත් සමග විගණකාධිපති ලෙස ස්ථීර හෝ වැඩබලන තනතුරක සේවය කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය මාස අට තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කළ නාමයෝජනා හතරක් ව්‍යවස්ථා සභාව විසින් මෙසේ ප්‍රතික්ෂේප කර ඇත.
  • පසුගිය සති දෙක දෙපාර්තමේන්තුවට වැඩබලන විගණකාධිපතිවරයකු පත්කර නොමැති අතර එමගින් ජාතික විගණන කාර්යාලයේ කටයුතු වලට දැඩි බාධා ඇති විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථා සභාවේ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ වසර 3ක් වු ධුර කාලය ජනවාරි දෙවැනිදා අවසන් වීම නිසාය.

එබැවින් ජනවාරි 2 දාට පසු නව සභිකයන් පත් කිරීමෙන් පසු විගණකාධිපතිවරයා පත්වීම සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

විගණකාධිපති ධූරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද ඕ. ආර්. රාජසිංහ ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

 

ජනපතිවරයා විසින් අලුතෙන්ම ඉදිරිපත් කළ රාජසිංහ ගේ නම ප්‍රතික්ෂේප කිරීමත් සමග විගණකාධිපති ලෙස ස්ථීර හෝ වැඩබලන තනතුරක සේවය කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය මාස අට තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කළ නාමයෝජනා හතරක් ව්‍යවස්ථා සභාව විසින් මෙසේ ප්‍රතික්ෂේප කර ඇත.

 

පසුගිය සති දෙක දෙපාර්තමේන්තුවට වැඩබලන විගණකාධිපතිවරයකු පත්කර නොමැති අතර එමගින් ජාතික විගණන කාර්යාලයේ කටයුතු වලට දැඩි බාධා ඇති විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සිවිල් සංවිධාන නියෝජිතයන් වන ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුම විජේසුන්දර අනුලා, ආචාර්ය දිනේෂා සමරරත්න  යන සාමාජිකයන්ගේ ධුර කාල ජනවාරි අවසන් 2 වැනිදායින් වේ.

ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ කථානායකවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බිමල් රත්නායක, අබුබකර් අතම්බාවා, අජිත් පී. පෙරේරා, සිවඥානම් ශ්‍රීතරන් ය.

මේ අතර ව්‍යවස්ථාදායක සිවිල් සමාජ සභාවට නියෝජිතයන් පත් කිරීමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස නීතිඥ සංගමය අගමැති ජනාධිපති, පාර්ලිමේන්තු සභානායක සහ විපක්ෂ නායකවරය වෙත යොමු කළ ලිපියකින් ඉල්ලා ඇත.

නීතියේ කොමිෂන් ආධිපත්‍යය සභා ස්වාධීනත්වය සහ උස රාජ්‍ය තනතුරු සඳහා පස කිරීම් වල විශ්වාසනීය භාවය පිළිබඳ දැඩි සැලකිල්ලා දක්වන බව සඳහන් කරන  නීතිඥ සංගමය, අලුතින් පත් කරන සිවිල් සමාජ නියෝජිතයන් අතිශය උසස් ආචාරධර්ම සහිත, සමාජ තුළ පුළුල් පිළිගැනීමක් ඇති සහ ව්‍යවස්ථාදායක සභා කාර්යයන් සඳහා සාර්ථක දායකත්වයක් ලබා දිය හැකි පුද්ගලයන් විය යුතු බව ඉල්ලා ඇත.

(ඇත්ත පුවත්පතින් - විදුනෙත් සියඹලාපිටිය)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ව්‍යවස්ථාදායක සභාවට අලුතින් මුහුණු එනකන් ලංකාවට විගණකාධිපතිවරයෙක් නෑ ! | The Leader