The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

T

The Leader Desk

December 28, 2025 • 5:17 PM

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
  • ඒ සැකකාර හිටපු අමාත්‍යවරයා අද (28) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව 26වනදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
  • ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය.
අකුරු ප්‍රමාණය (Font Size):

2026 ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ සැකකාර හිටපු අමාත්‍යවරයා අද (28) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව 26වනදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය.

එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා වෙත නිකුත් කර තිබූ එකක් බවය.

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇති අතර ඒ අනුව හිටපු අමාත්‍යවරයා එසේ අත්අඩංගුවට ගනු ලැබීය.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...