The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපති අනුර ගැන නිමලරාජන් ගේ නැගණිය කියන කතාව

T

The Leader Desk

December 29, 2025 • 5:17 AM

ජනපති අනුර ගැන නිමලරාජන් ගේ නැගණිය කියන කතාව  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය, 2000 ඔක්තෝබර් 10 වෙනිද යාපනයේ අධි ආරක්ෂිත කලාපයෙ තිබුණ තමන්ගෙ ගෙදරදිම ඝාතනයට ලක්වුණ මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ගෙ බාල නැගණිය.
  • අනුර වගේම ඇය බලයට ආවෙත් එජාප 17 වසරක සාපයෙන් ආත්මය බිඳ වැටිල තිබුණ රටකට සුවිශාල බලාපොරොත්තු දල්වමින්.
  • එදා චන්ද්‍රිකා ගැන තිබුණ වගේම ලංකාවෙ බොහෝ දෙනෙකුට තවමත් අනුර ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනව.
  • "ජනාධිපතිතුමා මගේ අයිය වෙනුවෙන් යුක්තිය ඉටුකරාවි කියල මට විශ්වාසයි." ඇයගෙ හඬේ තිබුණෙත් බලාපොරොත්තු සහගත බවක් සහ අධිෂ්ඨානයක ස්වරයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය, 2000 ඔක්තෝබර් 10 වෙනිද යාපනයේ අධි ආරක්ෂිත කලාපයෙ තිබුණ තමන්ගෙ ගෙදරදිම ඝාතනයට ලක්වුණ මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ගෙ බාල නැගණිය.

ඇය වාසය කරන්නෙ කැනඩාවෙ.

නිමලරාජන් මරා දාන කොට රටේ නායිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. අනුර වගේම ඇය බලයට ආවෙත් එජාප 17 වසරක සාපයෙන් ආත්මය බිඳ වැටිල තිබුණ රටකට සුවිශාල බලාපොරොත්තු දල්වමින්. දකුණෙ ජනතාව රැල්ලකින් ඇය බලයට පත්කරද්දි උතුරෙ ජනතාව ඇය වටේ රොක්වෙලා මොට්ටු තිවුව.


එදා චන්ද්‍රිකා ගැන තිබුණ වගේම ලංකාවෙ බොහෝ දෙනෙකුට තවමත් අනුර ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනව. දශක ගණනාවක් නොවිසඳුණ බරපතල අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන්න ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කරාවි කියල රටවැසියන්ගෙ තියන ඒ බලාපොරොත්තුව කැනඩාවෙ ඉන්න නිමලරාණිටත් දැනෙනව.

"ජනාධිපතිතුමා මගේ අයිය වෙනුවෙන් යුක්තිය ඉටුකරාවි කියල මට විශ්වාසයි." ඇයගෙ හඬේ තිබුණෙත් බලාපොරොත්තු සහගත බවක් සහ අධිෂ්ඨානයක ස්වරයක්.

"මට අයිය නැතිවෙලා දැන් අවුරුදු 25කුත් ගෙවිල ගිහින්. දෙවියන් වහන්සෙට විතරයි ඒක තීරණය කරන්න පුලුවන්. ඒත් දැන්වත් යුක්තිය ඉටුවෙනව නම් මම කැමතියි."


(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 දෙසැම්බර් 27


සම්පූර්ණ ලිපිය මෙන්න

නිමලරාජන් ඝාතනය ගැන ජනාධිපති අනුර කුමාර යුක්තිය ඉටු කරාවි - සොයුරියගේ බලාපොරොත්තුව

The wait for justice for Nimalarajan Mylvaganam, murdered Jaffna journalist

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති අනුර ගැන නිමලරාජන් ගේ නැගණිය කියන කතාව | The Leader