The Leader News
BREAKING
Top Ad
පුවත්

මේ රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරන්න හදනවා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

December 29, 2025 • 11:19 AM

මේ රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරන්න හදනවා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිම නොව විපතට පත් මාතෘභූමියට සහනයක් ගෙනවිත් ජන ජීවිත ශක්තිමත් කළ හැකි නව ගමනක් යාම වුවත් රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව නම් එවැනි දෙයක් නොපෙනෙන බව ඔහු පවසයි.
  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, අරලගංවිල ප්‍රාදේශීය රෝහල සඳහා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රු.
  • ලක්ෂ 28ක් වටිනා Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් පරිත්‍යාග කිරීම අවස්ථාව සඳහා එක්වෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයේ වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිම නොව විපතට පත් මාතෘභූමියට සහනයක් ගෙනවිත් ජන ජීවිත ශක්තිමත් කළ හැකි නව ගමනක් යාම වුවත් රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව නම් එවැනි දෙයක් නොපෙනෙන බව ඔහු පවසයි.

 

රජයට තවම බැරි වුණා IMF ගිවිසුම වෙනස් කර ගන්න

අද රටේ නිර්මාණය වී ඇති කණගාටුදායක තත්ත්වය වන්නේ විදේශීය ආර්ථික විශේෂඥයන් අපේ රටේ ජනතාව ගැන සිතා ගෙවිය යුතු ණය කල්දමා ගැනීම ගැන කතා කරන විට රජයට සහ 2/3 ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට මෙය තේරුම් ගන්න නොහැකි වී ඇති බවත් රජය IMF එකෙන් ඩොලර් මිලියන 200ක හදිසි සහන ණයක් ගත්තත් ⁣මේ ණය කොන්දේසි ගැනත් රජය සිතිය යුතු බවත් මේ සුළි කුණටුවටවත් සහනදායී ණයක් ගන්න රජයට නොහැකි වී ඇති බවත් මේ ආකාරයට රටකට ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, අරලගංවිල ප්‍රාදේශීය රෝහල සඳහා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රු. ලක්ෂ 28ක් වටිනා Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් පරිත්‍යාග කිරීම අවස්ථාව සඳහා එක්වෙමිනි.

දිට්වා සුළි කුණාටුවට පෙර අප රටේ ආර්ථිකය ගොඩනගන්න දායක වූ කෘෂිකාර්මික, සේවා හා කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන්ට කුණාටුවෙන් පසු විවිධ බරපතල බලපෑම්වලට ලක්වූ බවත් මේ ක්ෂේත්‍රවල විපතට පත් ජනතාවට ඔවුන්ගේ සේවා අඩපණ නොකර ශක්තිමත් කිරීම ආර්ථික වර්ධනයට වැදගත් බවත් මේ ක්ෂේත්‍රවල අයට මෙන්ම ස්වයංරැකියා ලාභීන්ට රජය සහන දෙන්න නොහැකි වුවහොත් සමස්ත ආර්ථික ක්‍රියාවලියටම එය බලපා රටටම එහි අහිතකර බලපෑම භුක්ති විදින්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



saj 283746sdsdjsd
saj cy0q84y8
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...