The Leader News
BREAKING
Top Ad
පුවත්

ත්‍රෛයිනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිඛිත දැනුම්දීමක් !

T

The Leader Desk

December 29, 2025 • 3:33 PM

ත්‍රෛයිනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිඛිත දැනුම්දීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිමිපාණන් වහන්සේලා ජනාධිපති අනුර කුමාර දිසානායක ට ලිපියක් මගින් දන්වා ඇත.
  • එහෙත් මැයි මස 01 වැනි දිනට විසා නැකත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති බවත් එම ලිපියේ සඳහන්ව ඇත.
  • මේ සම්බන්ධව අවධානය යොමු කළ ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවන් සහ නැකත්කරුවන්ගේද අදහස් විමසා චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලවද විසා නැකත යෙදෙන එළැඹෙන මැයි 30 වැනි දින වෙසක් පොහෝ දිනය ලෙස යොදා ගැනීම බව තීරණය කළ බවත් එම ලිපියේ සඳහන්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

හිමිපාණන් වහන්සේලා ජනාධිපති අනුර කුමාර දිසානායක ට ලිපියක් මගින් දන්වා ඇත.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක  සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන  අස්ගිරි පාර්ශවයේ මහා නායක, කරඋයන්ගොඩ මෛත්‍රී මූර්ති  අමරපුර මහා නිකායේ මහා නායක සහ මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක  යන මහා නායක හිමිපාණන් වහන්සේලා එම ලිපියට අත්සන් කර තිබේ.

එම ලිපියේ සඳහන්ව ඇත්තේ 2026 වසරේ මැයි මස 01 වැනි දින හා 30 වැනි යන දෙදින තුළම පසළොස්වක පොහොය දෙකක් යෙදෙන අතර දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයෙහි එළැඹෙන වසරේ මැයි මාසයේ 01 වැනි දින වෙසක් පුන් පොහොය දිනය ලෙසත් එළැඹෙන 30 වැනි දින අධි පොසොන් පුර පසළොස්වක පොහොය ලෙසත් යොදා ඇති බවය.

එහෙත් මැයි මස 01 වැනි දිනට විසා නැකත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති බවත් එම ලිපියේ සඳහන්ව ඇත.

මේ සම්බන්ධව අවධානය යොමු කළ ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවන් සහ නැකත්කරුවන්ගේද අදහස් විමසා චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලවද විසා නැකත යෙදෙන එළැඹෙන මැයි 30 වැනි දින වෙසක් පොහෝ දිනය ලෙස යොදා ගැනීම බව තීරණය කළ බවත් එම ලිපියේ සඳහන්ව තිබේ.

ඒ අනුව එළැඹෙන වසරේ මැයි 30 වැනි දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පොහෝ දිනය හා සබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යන් හා රාජ්‍ය උත්සව එම මැයි මස 30 වැනි දින යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලෙසත් මහානායක ස්වාමින්වහන්සේලා විසින් නිකුත් කළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

අදාළ  ලිපිය මතු පළවේ.

xdtwe544

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...