The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනමාධ්‍ය ඇමැති ගෙන් විද්‍යුත් මාධ්‍යවලට අවසන් දැනුම් දීමක් !

T

The Leader Desk

December 29, 2025 • 3:39 PM

ජනමාධ්‍ය ඇමැති ගෙන් විද්‍යුත් මාධ්‍යවලට අවසන් දැනුම් දීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ සෑම රූපවාහිනී නාලිකාවක් සඳහාම විකාශන බලපත්‍රය ලබා දී ඇත්තේ තාවකාලික බලපත්‍රයක් ලෙසට බවය.
  • එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස පැවසීය, ''මේක සෙල්ලමක් නෙමෙයි....'' "මේක සෙල්ලමක් නෙමෙයි.
  • ඒ ලයිසන් එක ලබාදීලා තිබෙන්නේ තාවකාලිකව.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ කොන්දෙසිවලට යටත්ව බැවින් යම්කිසි අවස්ථාවක දී එම කොන්දෙසි කඩකළහොත් අදාළ රූපවාහිනී නාලිකා සතු බලපත්‍රය යළි කැඳවීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යවරයා සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කර සිටියි.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ සෑම රූපවාහිනී නාලිකාවක් සඳහාම විකාශන බලපත්‍රය ලබා දී ඇත්තේ තාවකාලික බලපත්‍රයක් ලෙසට බවය.

මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‌යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය -2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත්විණි.


ජනමාධ්‍ය යනු Views හෝ Rating නොවන බව ද එය අත්හළ නොහැකි වගකීමක් බව ද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනතාව භීතියට පත් කරනු ලබන සහ විකෘති සහගත තොරතුරු ප්‍රචාරය කළහොත් විකාශණ බලපත්‍ර ලබාදීමේ දී පනවා ඇති කොන්දේසි බලාත්මක කිරීමට සිදුවන බව ද  අවධාරණය කරන ලදි.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස පැවසීය,

''මේක සෙල්ලමක් නෙමෙයි....''

"මේක සෙල්ලමක් නෙමෙයි. ඔබට වැඩ කරන්න සිදුවෙලා තියෙන්නේ ජනතාවගේ විශ්වාසය, මේ අවකාශයේ තිබෙන සංඛ්‍යාත ආදි සියල්ලමත් එක්ක. අවශ්‍ය නම් සාදිරිස් ගුරුන්නාස්සේ අම්බලන්ගොඩ ඉදලා කොළඹට නාඩගම් පෙට්ටිය අරගෙන ආපු විදියට ප්‍රවෘත්ති වාර්තා කරන්න පුළුවන්. එහෙම ප්‍රවෘත්ති වාර්තා කරන්න බෑ. මේවා විහිළුවට හෝ සෙල්ලමට කරන වැඩ නෙවෙයි. එහෙම විහිළුවක් හෝ සෙල්ලමක් විදියට ගන්න අපි සූදානමුත් නෑ.

 අපේ රටේ මේ සියලු රූපවාහිනී නාලිකාවලට ලයිසන් එක ලබාදීලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ ලයිසන් එක ලබාදීලා තිබෙන්නේ තාවකාලිකව. ඒ ලයිසන් එක දෙනකොට කන්ඩිශන් කිහිපයක් තිබෙනවා.  මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හානිදායක ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් යළි කැදවීමේ බලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට තියෙනවා. ජාතික ආරක්ෂාව දාලා තියෙනවා. ජාතික ආර්ථික සම්බන්ධයෙන් කියනවා, මහජන සෞඛ්‍යත් කියනවා. ඒ නිසා මෙතනින් එහාට කවුරුහරි මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් විකෘති සහගන ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් දැනට අපි කරමින් ඉන්නේ ලියුමක් යවලා ඒක නිවැරදි කරන්න කියන එක විතරයි. අනිවාර්ය වශයෙන්ම මේ ලයිසන් එක ලබා දීමේදී දිලා තියෙන කොන්දේසි බලාත්මක කරනවා. එහෙම නැතුව රටක් ඉදිරියට යන්න බෑ. ඒක කරන්නට ඕනේ. සෞඛ්‍ය සම්බන්ධයෙන් විශ්වාසය රටේ ජනතාවගේ බිඳවැටුනොත් එතනින් එහාට මුකුත් කරන්නට බෑ."

මෙහිදී වෛද්‍ය අසන්ති ප්‍රනාන්දු බලපිටිය සෞඛ්‍ය සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමෙහිලා මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය පිළිබඳව විශේෂ දේශණයක් ද පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාර වික්‍රමසිංහ සහ කැළුම් වි‌ඡේනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම සමාජ මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක් ද එක්ව සිටියහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...