එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මෙම සාකච්ජාවට එක්ව ඇත.
මෙම හමුව සිදුවුයේ කොළඹ 'කලම්බෝ ක්ලබ්' හෝටලයේදීය.
මෙම සාකච්ජාව සඳහා විපක්ෂනායක උපදේශක ලක්ෂමන් ෆොන්සේකා ද සහභාගිවී තිබිණ.
මෙය තීරණාත්මක මට්ටමේ දේශපාලන සාකච්ඡාවක් නොවුවද එම පක්ෂවල පාක්ෂිකයින් හා සැලකීමේදී අදාළ සාකච්ඡාව ඉතා වැදගත් සාකච්ඡාවක් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
පැය කිහිපයක් පුරා ඉතා සුහදව මෙම සාකච්ඡාව පැවති අතර තවදුරටත් අදාළ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර ඇති බවද සඳහන් වේ.
එම හමුව පිළිබඳ X ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ, අපගේ මාතෘභූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායී හා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගත හැකි නව්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ ඵලදායී වූත් ධනාත්මක වූත් සාකච්ඡා පැවැත්වූ බවයි.
එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ලේකම්, ශානුක කරුණාරත්න මෙම සාකච්ජාව සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් මෙසේ පැවසිය.




