The Leader News
BREAKING
Top Ad
පුවත්

'අපේ ඇමතිවරුන් අල්ලස් කොමිසමට කැඳවල නෑ' - ජවිපෙ ලේකම්

T

The Leader Desk

December 30, 2025 • 2:20 PM

'අපේ ඇමතිවරුන් අල්ලස් කොමිසමට කැඳවල නෑ' - ජවිපෙ ලේකම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සභාවට පැමිණෙන ලෙස දන්වා නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
  • එමෙන් ම, තම පක්‍ෂයේ කිසිවෙකු මෙතෙක් අයථා අයුරින් මුදල් උපයා නොමැති බවත් ඉදිරියටත් අයථා ලෙස මුදල් උපයන්නේ නැති බවත් ප්‍රධාන ලේකම්වරයා සහතික විය.
  • ටිල්වින් සිල්වා මේ බව පැවසුවේ, “වත්මන් රජයේ ඇමතිවරු හයකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අයථා වත්කම් සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි” සති අන්ත පුවත්පතක පළ වූ පුවතකට පිළිතුරු දෙමිනි.
  • සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, සුනිල් වටගල හා කුමාර ජයකොඩි යන අය පිළිබඳව අදාළ පුවත පළ වී ඇති අතර එය මේ දිනවල සමාජ මාධ්‍යයෙහි සංසරණය වන බවත් එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජවිපෙ ලේකම්වරයා අවධාරණය කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සභාවට පැමිණෙන ලෙස දන්වා නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එමෙන් ම, තම පක්‍ෂයේ කිසිවෙකු මෙතෙක් අයථා අයුරින් මුදල් උපයා නොමැති බවත් ඉදිරියටත් අයථා ලෙස මුදල් උපයන්නේ නැති බවත් ප්‍රධාන ලේකම්වරයා සහතික විය.

ටිල්වින් සිල්වා මේ බව පැවසුවේ, “වත්මන් රජයේ ඇමතිවරු හයකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අයථා වත්කම් සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි” සති අන්ත පුවත්පතක පළ වූ පුවතකට පිළිතුරු දෙමිනි.

සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, සුනිල් වටගල හා කුමාර ජයකොඩි යන අය පිළිබඳව අදාළ පුවත පළ වී ඇති අතර එය මේ දිනවල සමාජ මාධ්‍යයෙහි සංසරණය වන බවත් එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජවිපෙ ලේකම්වරයා අවධාරණය කර සිටියේය.

පැමිණිලිකරු කොමිසමට කැඳවල

වත්කම් බැරකම් ලබා දුන් පසු ඕනෑම පුද්ගලයෙකුට එම වත්කම් බැරකම් පිළිබඳව සැකයක් ඇත්නම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි අතර ඒ අනුව එක්තරා පුද්ගලයෙක් ඊට අදාළව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එම පැමිණිලිකරුට එම පැමිණිල්ලෙහි වැඩි විස්තර ලබා ගැනීම සඳහා අදාළ විමර්ශන ආයතනයට පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ‍ප්‍රධාන ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ ය.

එසේ නොමැතිව ආණ්ඩුවේ අමාත්‍යවරු හය දෙනෙකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන්නැයි දැනුම් දී නොමැති බව පැවැසූ ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ, යමෙකු පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු ඊට ක්‍රියාත්මක වීම අදාළ ආයතනයේ වගකීම බව ය.

(mawbima | Anuradha Herath)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අපේ ඇමතිවරුන් අල්ලස් කොමිසමට කැඳවල නෑ' - ජවිපෙ ලේකම් | The Leader