මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 58ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 56ක් පමණි.
නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් විසින් කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පසුගිය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කරන ලදී. එහෙත් එම අවස්ථාවේදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් ලැබීම හේතුවෙන් එය පරාජයට පත් විය. එවිට අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි.
පළමු වර අයවැය පරාජය වීමෙන් අනතුරුව, නගරාධිපතිනිය විසින් අද දිනයේදී යළිත් වරක් අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කළාය. එහිදී පැවති ඡන්ද විමසීමේදී පෙර අවස්ථාවට වඩා වැඩි සහයෝගයක් ලබාගනිමින් අයවැය සම්මත කර ගැනීමට හැකි විය.
ඒ අනුව, තියුණු මුහුණුවරක් ගත් මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ ඉදිරි පාලන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය අනුමැතිය හිමිව තිබේ.




