The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු ඇමති ජොනීගේ පුත් ජොහාන් රිමාන්ඩ්

T

The Leader Desk

December 31, 2025 • 11:40 AM

හිටපු ඇමති ජොනීගේ පුත් ජොහාන් රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු අද (31) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කළේය.
  • ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකුව සිටි මොහොමඩ් රූබි මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ඊයේ ((30දා) අත්අඩංගුවට ගනු ලැබූහ.
  • ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයේ මුදල් අවභාවිතය සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඉකුත් 2015 වසරේය.
  • ආයතනයේ ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කරමින් රජයට රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් අහිමි කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු අද (31) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කළේය.

ස.තො.ස. ආයතනයේ වාහන හා වැටුප් දීමනා අවභාවිත කිරීම මෙන්ම කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව යටතේ ජොහාන් ප්‍රනාන්දු සහ ස.තො.ස. ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකුව සිටි මොහොමඩ් රූබි මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ඊයේ ((30දා) අත්අඩංගුවට ගනු ලැබූහ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයේ මුදල් අවභාවිතය සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඉකුත් 2015 වසරේය.

මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව ජොහාන් ප්‍රනාන්දු ඉබ්බාගමුව කුඹුක්වැව ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ එහි සිය මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්ය.

ස.තො.ස. ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකු වූ මොහොමඩ් රූබි යන අය කොළඹදී අත්අඩංගුවට ගන්නා ලදී.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී ඔහුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු සහ මොහොමඩ් රිස්වි එම ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කර ඇත.

එහිදී ස.තො.ස. ආයතනයේ ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කරමින් රජයට රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් අහිමි කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබිණි.

ඊට අමතරව වැටුප් සහ දීමනා ලබාගැනීමේදී ද විශාල අවභාවිතයක් සිදුවී ඇති බවට විමර්ශනවලින් හෙළී වී ඇතැයි පැවැසේ. මේ අතර කූට ලේඛන සෑදීම සම්බන්ධයෙන් ද මොවුන් වෙත චෝදනා එල්ල වී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

ජොහාන් ප්‍රනාන්දු මේ වනවිට පොදු ජන තරුණ පෙරමුණේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ඔහු කලක් පළාත් සභා ඇමැතිවරයකු ලෙසද කටයුතු කළේය. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...