The Leader News
BREAKING
Top Ad
පුවත්

ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වය රැකගැනීමට ගම්මන්පිලගෙන් සජිත්ට යෝජනාවක්

T

The Leader Desk

December 31, 2025 • 4:39 PM

ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වය රැකගැනීමට ගම්මන්පිලගෙන් සජිත්ට යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදු කළ හැකි බවත් ඒ වෙනුවෙන් තමා යෝජනා කිහිපයක් විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.
  • අද ( 31 ) වන දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.
  • විපක්‍ෂ නායකවරයා සටනට සූදානම් නම් ව්‍යවස්ථා සභාවේ ගෞරවය ද රැකගත හැකි බව ගම්මන්පිල විසින් පෙන්වා දෙනු ලැබිය.
  • මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මෙසේ ද ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිදු කළ හැකි බවත් ඒ වෙනුවෙන් තමා යෝජනා කිහිපයක් විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

අද ( 31 ) වන දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

විපක්‍ෂ නායකවරයා සටනට සූදානම් නම් ව්‍යවස්ථා සභාවේ ගෞරවය ද රැකගත හැකි බව ගම්මන්පිල විසින් පෙන්වා දෙනු ලැබිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මෙසේ ද ප්‍රකාශ කළේය.


විගණකාධිපති ධුරයට හෙන්චයියෙක් !

ජනාධිපතිතුමා විගණකාධිපතිවරයෙකු පත් කරන්නේ නැතිව ජනවාරි මාසය වන තුරු කල් මරන්නේ ව්‍යවස්ථා සභාවේ ස්වාධීන නියෝජිතයින් තිදෙනාගේ ධූර කාලය අවසන් වුණාට පස්සේ තමන්ගේ හෙංචයියන් ඒ තනතුරුවලට දාගෙන තමන්ගේ චක් ගෝලයෙක් විගණකාධිපති කරන්නැයි කියන පණිවිඩය 2025 ජූලි 14 දිනත් දෙසැම්බර් 29 දිනත් අපි මාධ්‍ය හමු පවත්වලා රටට කිව්වා.

අද අපි මාධ්‍ය හමුව කැඳෙව්වේ ජනාධිපතිතුමාගේ ඒ දූෂිත කුමන්ත්‍රණය පරාජය කරන්න විපක්ෂ නායකතුමාට හැකියාව තිබෙන බව එතුමාටත් ජාතියටත් පෙන්වා දෙන්නයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඊ වගන්තිය අනුව ආණ්ඩුක්‍රම සභාවේ සාමාජිකයින්ගේ කාලය ඉකුත් වුණත් නව සාමාජිකයින් ධූර භාර ගන්නා තෙක් සභාවේ සිටින සාමාජිකයින් ධූර දැරිය යුතුයි. දැරිය හැකියි නොවේ දැරිය යුතුයි. ඒ කියන්නේ ව්‍යවස්ථා සභාවේ සිටින සාමාජිකයින් කැමති වුණත් අකැමති වුණත් නව සාමාජිකයින් පත් කරන තෙක් ඔවුන් ඒ ධූරවලම සිටිය යුතුයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(1)(ඉ)(iii) වගන්තිය අනුව ස්වාධීන නියෝජිතයින් තුන්දෙනා පත් කරන්නේ අගමැති සහ විපක්ෂ නායක එකඟතාවයෙන්. පසුගිය වසර තුනේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයත් අදූෂිත බවත් රැක ගන්න විශිෂ්ට සේවයක් කළ මේ සාමාජිකයින් තිදෙනාගේ සේවය තව දුරටත් ලබා ගන්නත් මාලිමා හෙංචයියන් ව්‍යවස්ථා සභාවට පත් කිරීම වලක්වන්නත් විපක්ෂ නායකතුමා කළ යුත්තේ අගමැතිනිය යෝජනා කරන මාලිමා හෙංචයියන්ගේ නම්වලට එකඟතාවය පළ නොකර සිටීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වාධීණ සාමාජිකයන් 3 දෙනා අගමැති සහ විපක්ෂ නායකගේ එකඟතාවයෙන් පත් කළ යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණත් දෙදෙනාම එකඟ වෙන තුන්දෙනෙකු සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා. ඒ නිසා අවසානයේ දී සිදුවණුයේ අයදුම් කළ අය අතුරෙන් අගමැති එක් අයෙකුත් විපක්ෂ නායක එක් අයෙකුත් නම් කරලා එක් අයෙක් විතරක් දෙදෙනාගේම එකඟත්වයෙන් නම් කිරීමයි. ඒ නිසා අගමැති නම් කරන පුද්ගලයා මාලිමාවේ හෙංචයියෙක් වුණොත් ව්‍යවස්ථා සභාවේ බහුතරය ආණ්ඩුවට ලැබිලා ජනාධිපතිතුමාට අවශ්‍යකරණ තමන් කියන පදයට නටන අය ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින්, ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්, පොලිස්පති, නීතිපති විගණකාධිපති වගේ වැදගත් තනතුරු වලටපත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

එක් අයෙකු විතරක් එකඟතාවයෙන් පත් කරනවා වෙනුවට තිදෙනාම එකඟතාවයෙන් පත් කරන ස්ථාවරයට ගොස් රටම පිළිගත හැකි මාලිමා හෙංචයියන් නොවන බව දන්නා චරිත යෝජනා කරන තුරුම විපක්ෂ නායකතුමාගේ එකඟතාවය නොදී හිටියොත් රාජ්‍ය සේවය මාලිමාකරණයටත් ඒ තුලින් තව දුරටත් දූෂිත කිරීමටත් ආණ්ඩුව දරණ වෑයම පරාජය කළ හැකියි. තමන්ගේ හෙංචයියෙකු විගනකාධිපති කර ගැනීමේ ජනාධිපති උත්සාහය පරාජය කිරීමේ හැකියාව විපක්ෂ නායක තුමන්ට ලැබෙනවා.


පළමුව, පසුගිය වතාවේ ස්වාධීන සාමාජිකයින් පත් කලේ ප්‍රසිද්ධ දැන්වීමක් පල කරලා ඒකට අයදුම් කළ අය අතුරෙන්. මේ පාරත් එහෙම කරමු කියලා යෝජනාවක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වුණා. ජනවාරි 18 දිනෙන් දැනට සිටින සාමාජිකයින් තුන්දෙනාගේ ධූර කාලය අවසන් වුණත් අද වනතුරු අයදුම්පත් කැඳවීමක් සිදු කරලා නෑ. මාලිමා හෙංචයියන් පත් කරන්නේ නැතිනම් ඇයි ප්‍රසිද්ධ අයදුම්පත් කැඳවීමකට පැකිලෙන්නේ?


දෙවනුව, වත්මන් සාමාජිකයින් තමන්ගේ ස්වාධීනත්වය ඉහලින්ම ප්‍රදර්ශනය කරලා තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයාගේ මෙන්ම පෙර සිටි ජනාධිපතිවරයාගේ ද නිර්දේශ ප්‍රතික්ෂේප කරලා වත්මන් ආණ්ඩුව වගේම විපක්ෂයටත් තමන් පක්ෂපාති නොමැති බව පෙන්නුවා. ඒකම තමයි මේ තිදෙනාගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ජාතියත් අපේක්ෂා කරන්නේ.

තෙවනුව, තමන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට මාධව තෙන්නකෝන් මහතාගේ නම වෙනුවට රංග දිසානායක මහතාගේ නම නිර්දේශ කළේ සභානායකවරයා තමන්ට බොරු කියා නොමග යැවූ නිසා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශ ලබා දීම හරහා මේ තුන්දෙනා භීෂණය ඉදිරියේ බියෙන් සැලෙන්නේ නෑ කියන එක පෙන්නුවා. අද බොහෝ දෙනෙක් ආණ්ඩුවේ ත්‍රස්තවාදි අතීතයට බයෙන් මර්දනයේ වර්තමානයට බියෙන් ආණ්ඩුවේ වැරදි සෘජුව පෙන්වා දෙන්නේ නෑ. එවැනි පසුබිමක තමන් එහෙම බය නෑ කියලා ඔප්පු කරපු තිදෙනෙක්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමේ කිසිම වරදක් නෑ.

ඉහත තත්වය යටතේ අපි විපක්ෂ නායකතුමාට යෝජනා කරන්නේ රටටත් තමන්ටත් නිර්පාක්ෂිකයි නිර්භයයි කියා පිළිගත හැකි චරිත තුනක නම් අගමැතිවරිය යෝජනා කරන තෙක් යෝජනා කරන නම් ප්‍රතික්ෂේප කරලා රාජ්‍ය සේවයේ අපක්ෂපාතිත්වය රැක ගන්නා ලෙසයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...