The Leader News
BREAKING
Top Ad
පුවත්

'2025 මෙරට ඉතිහාසයේ ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳී වසරක්'

T

The Leader Desk

January 15, 2026 • 4:56 PM

'2025 මෙරට ඉතිහාසයේ ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳී වසරක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
  • ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවති උතුරු පළාත් තෛපොංගල් උත්සවයට සහභාගී වෙමිනි.
  • තෛපොංගල් සැමරුම සියලු දෙනාට නව අපේක්ෂා සහ බලාපොරොත්තු ඇති කරන අවස්ථාවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු, පොහොසත් රටක් නිර්මාණය කරමින් දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීමට තිර අදිටනින් යුතුව පෙරට එන ලෙස සියලුදෙනාට ආරාධනා කළේය.
  • නව වසරකින් අපි සියලුදෙනාට නව ප්‍රාර්ථනා, නව බලාපොරොත්තු ඇති වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  අද (15) පස්වරුවේ යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවති උතුරු පළාත් තෛපොංගල් උත්සවයට සහභාගී වෙමිනි.

තෛපොංගල් උත්සවය සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා චාරිත්‍රානුකූලව පිළිගනු ලැබූණු අතර, සංස්කෘතිකාංග රැසකින්ද මෙම අවස්ථාව විචිත්‍රවත් විය.

තෛපොංගල් සැමරුම සියලු දෙනාට නව අපේක්ෂා සහ බලාපොරොත්තු ඇති කරන අවස්ථාවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු, පොහොසත් රටක් නිර්මාණය කරමින් දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීමට තිර අදිටනින් යුතුව පෙරට එන ලෙස සියලුදෙනාට ආරාධනා කළේය.

තෛපොංගල් උත්සවය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව .....

දෙමළ ජනතාවගේ වැදගත්ම සංස්කෘතික දිනය වන තෛපොංගල් දිනයේදී මටත් ඔබ සමඟ එක් වීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. ඒ වගේම දෙමළ ජනතාවගේ සංස්කෘතිය අනුව අද තමයි නව වසර උදා වන්නේ. නව වසරකින් අපි සියලුදෙනාට නව ප්‍රාර්ථනා, නව බලාපොරොත්තු ඇති වෙනවා. විශේෂයෙන් ජනතාව ලෙස ඔබට විශාල බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඇති. ඒ වගේම රටක් ලෙස අපට නව බලාපොරොත්තු සහ අපේක්ෂාවන් තිබෙනවා. අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව වන්නේ තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු පොහොසත් රටක් නිර්මාණය කිරීමයි.


අපි පොහොසත් රටක් කියන්නේ ධනයෙන් ඉදිකිරීම්වලින් පමණක් පොහොසත් රටක් නොවෙයි. ඊට වඩා විශාල අංශ ගණනාවකින් පොහොසත් රටක් නිර්මාණය කළ යුතුයි. අපි බලයට පත්ව දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගතව තිබෙනවා. එම වසර ඉතිහාසයේ ජාතිවාදී ගැටුම් අඩුම, ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමගිය වෙනුවෙන් පොරබැදී වසරක්. වෙනදා අපේ රටේ බොහෝ ජාතිවාදී ගැටුම්, ජාතිවාදී ප්‍රවණතා පැන නගිනවා. අපිට අවශ්‍ය ජාතිවාදයෙන් තොර ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක්.


කුමන තැනක ඉපදුණත්, කුමන භාෂාව කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් මේ සෑම කෙනෙකුටම අපේ රටේ අභිමානවත් පුරවැසියෙක් ලෙස, අයිතින් සමඟ ජීවත්වීමේ වටපිටාව සකස් කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ වගේම අප අතර විවිධ සංස්කෘතීන් තිබෙනවා. රටක් ලස්සන වීමට සහ ජනතාව අතර විශ්වාසය ඇති වීමට සෑම සංස්කෘතියකටම ගරු කිරීම සහ පිළිගැනීම ඉතා වැදගත්. අපි එවන් රටක් ගොඩනැගිය යුතුයි. එය අපේ අපේක්ෂාව බවට පත්ව තිබෙනවා.

ඒ වගේම ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් අපි උරුම කර දිය යුතුයි. විශේෂයෙන් හොඳ නිවසක් ලබා දීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය දියුණු කර හොඳ ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම, තරුණ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා නිර්මාණය කිරීම ආණ්ඩුවක් ලෙස අප තුළ තිබෙන අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි.

මම දන්නවා මෙහි සිටින බොහෝ අය පසුගිය මහ මැතිවරණයේදී අප කෙරෙහි විශ්වාසය තැබුවා. මේ යාපනයේ දිස්ත්‍රික්කය ලංකාවේ පළමු වතාවට අපි ජයග්‍රහණය කළා. ඒ කියන්නේ ඔබ අප කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මම ඔබට සහතික වෙනවා ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය බිඳකින්වත් බිඳ වැටීමට ඉඩ නොතබා ජාතිවාදයෙන් තොර, ජාතික සමගිය පිරුණු රටක් නිර්මාණය කරනවා කියලා. ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවා. අපි කාටත් සතුටින් සිටිය හැකි රටක් අපි හදනවා. ඔබ සියලුදෙනාගේ අපේක්ෂාව එයයි. එම අපේක්ෂාව ඉටු කිරීම වෙනුවෙන් අපි නොපිරිහෙළා වගකීම් ඉටු කරන බවට මම ඔබට සහතික වෙනවා.


''මෙම තෛපොංගල් දිනයේදී අපි එක ප්‍රාර්ථනාවක් කරමු. අපි එක්ව සිටිමු. අපි  දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වෙනුවෙන් තිර අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට එන ලෙස සියලුදෙනාට ආරාධනා කරනවා.''


ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙයචන්ද්‍ර මූර්ති රජීවන්, කේ. ඊලන්කුමරන්, ශ්‍රී බවානන්ද රාජා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහුද, යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 vc cvbcx

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'2025 මෙරට ඉතිහාසයේ ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳී වසරක්' | The Leader