The Leader News
BREAKING
Top Ad
පුවත්

නිදහස ලැබීමෙන් පසු වාර්තාවූ ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය පසුගිය 2025 වසරේදී - මහාචාර්ය වසන්ත අතුකෝරළ

T

The Leader Desk

February 1, 2026 • 3:59 PM

නිදහස ලැබීමෙන් පසු වාර්තාවූ ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය පසුගිය 2025 වසරේදී - මහාචාර්ය වසන්ත අතුකෝරළ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක් යැයිද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කළේය.
  • වසර 1977 පසුව 2023 දක්වා කාලය තුළ අඛණ්ඩව ජංගම ගිණුමේ හිඟයක් පැවති අතර, එය මුළුමනින්ම වෙනසකට භාජනය වෙමින් වසර 2023/2025 කාලය තුළ මෙරට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කොට ඇත.
  • සාමාන්‍යයෙන් රටක් ලෝකයේ සෙසු රාජ්‍යයන් සමඟ සිදුකරනු ලබන සියලුම ගනුදෙනු ඇතුළත් ලේඛනය ගෙවුම් ශේෂ ලේඛනය ලෙස හඳුන්වනු ලබන අතර, එහි පවතින ප්‍රධාන ගිණුම් තුන අතරින් වඩාත්ම වැදගත් වන්නේ ජංගම ගිණුමයි.
  • ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ආර්ථික ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ, අප දිගු කාලයක් පුරා ගමන් කර ඇත්තේ මෙම ජංගම ගිණුමේ පවතින විශාල හිඟයක් ද සමඟින් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක් යැයිද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරළ  ප්‍රකාශ කළේය.

වසර 1977 පසුව 2023 දක්වා කාලය තුළ අඛණ්ඩව ජංගම ගිණුමේ හිඟයක් පැවති අතර, එය මුළුමනින්ම වෙනසකට භාජනය වෙමින් වසර 2023/2025 කාලය තුළ මෙරට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කොට ඇත. එය ශ්‍රි ලංකා ආර්ථිකයේ ලැබු ජයග්‍රහණයකි.

ඒ පිළිබඳව සහ ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතීමේ වාසි අවාසි පැහැදිලි කරමින් වසන්ත අතුකෝරාළ  මෙසේද කීය.


සාමාන්‍යයෙන් රටක් ලෝකයේ සෙසු රාජ්‍යයන් සමඟ සිදුකරනු ලබන සියලුම ගනුදෙනු ඇතුළත් ලේඛනය ගෙවුම් ශේෂ ලේඛනය ලෙස හඳුන්වනු ලබන අතර, එහි පවතින ප්‍රධාන ගිණුම් තුන අතරින් වඩාත්ම වැදගත් වන්නේ ජංගම ගිණුමයි. ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ආර්ථික ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ, අප දිගු කාලයක් පුරා ගමන් කර ඇත්තේ මෙම ජංගම ගිණුමේ පවතින විශාල හිඟයක් ද සමඟින් බවයි.


1950 වසරේ සිට 2023 දක්වා වූ වසර 73ක කාලය තුළ ශ්‍රී ලංකාවට ජංගම ගිණුමේ අතිරික්තයක් පෙන්වීමට හැකි වී ඇත්තේ වසර හතකදී පමණි. 1950, 1951, 1954, 1955, 1956, 1965 සහ 1977 යන වසරවලදී පමණක් මෙලෙස සුළු අතිරික්තයන් වාර්තා වී ඇත.

1977 වසරෙන් පසුව 2023 දක්වා කාලය තුළ අඛණ්ඩව ජංගම ගිණුමේ හිඟයක් පැවති අතර, එය කාලයත් සමඟ වර්ධනය විය. නිදසුනක් ලෙස 2008 වසරේදී ඩොලර් බිලියන 3.8ක් වූ මෙම හිඟය, 2011 වන විට ඩොලර් බිලියන 4.6ක් දක්වා ඉහළ ගිය අතර 2021 වසරේදී එය ඩොලර් බිලියන 3.2ක් ලෙස වාර්තා විය.

 

මෙම පසුගාමී තත්ත්වය වෙනස් කරමින් 2023 වසරේදී ඩොලර් මිලියන 1439ක අතිරික්තයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 2024 වසරේදී ද ඩොලර් මිලියන 125ක අතිරික්තයක් වාර්තා වූ අතර, ලංකා ඉතිහාසයේ නිදහසින් පසු වාර්තා වූ වැඩිම ජංගම ගිණුම් අතිරික්තය 2025 වර්ෂයේදී වාර්තා වී තිබේ. එය ඩොලර් මිලියන 1733ක් හෙවත් බිලියන 1.7ක් පමණ වේ. මෙම සාධනීය තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ භාණ්ඩ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයයි.


2025 වසරේදී භාණ්ඩ අපනයනයෙන් පමණක් ඩොලර් බිලියන 13.5ක් උපයා ඇති අතර, එය මීට පෙර 2022 වසරේ වාර්තා වූ ඉහළම ආදායම වූ ඩොලර් බිලියන 13.1 ද අභිබවා යාමකි.

ආර්ථික විද්‍යාත්මකව බලන කල, රටකට ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම අතිශය වැදගත් වේ. මීට පෙර මෙම ගිණුමේ පැවති හිඟය පියවා ගැනීම සඳහා විදේශ රටවලින් ඉහළ පොලියට ණය ලබා ගැනීමට සිදු වූ අතර, එය රටේ ණය බර වේගයෙන් ඉහළ ගොස් ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් විය. ජංගම ගිණුමේ අතිරික්තයක් පවතින විට,විදේශයන්ගෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය මතු නොවේ.

ලෝකය සමඟ ගනුදෙනු කිරීමේදී රටට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වේ.

F පැරණි ණය ගෙවීමේ හැකියාව වර්ධනය වේ.

F ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත ඉහළ යයි.

F රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වේ.

F අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ප්‍රමාණවත් මුදල් රට සතුව පවතී.

දැනට සකස් වී ඇති මෙම මූලික අඩිතාලම මත ඉදිරි වසර කිහිපය තුළ මෙම අතිරික්තය තවදුරටත් වර්ධනය කරගත යුතුව ඇත. රජයේ ඉලක්කය වී ඇත්තේ ඉදිරි වසර 4-5ක කාලය තුළ මෙම අතිරික්තය ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමයි.

ඒ සඳහා අපනයන වර්ධනය කිරීම, සංචාරක ආදායම් වැඩි කිරීම සහ විදේශ ප්‍රේෂණ ගලා ඒම තවදුරටත් දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

මෙවැනි ශක්තිමත් ආර්ථික පරිසරයක් ගොඩනැගීම තුළින් ශ්‍රී ලංකාවට ලෝකයේ අනෙකුත් රටවල් සමඟ තරඟකාරීව ඉදිරියට යාමේ හැකියාව උදාවනු ඇතැයිද අතුකෝරාළ  වැඩිදුරටත් සඳහන් කළේය.

(සටහන | ජේ.මුණසිංහ)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිදහස ලැබීමෙන් පසු වාර්තාවූ ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය පසුගිය 2025 වසරේදී - මහාචාර්ය වසන්ත අතුකෝරළ | The Leader