මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ලංකාසෙක්‍යු අංශය, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත පැවරීම සිදුවේ.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතට අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ස්ථාපිත කරන ලදී.
2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට මෙම කාර්යාලය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වූ අතර ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් සිදු කරන ලද සියලුම කාර්යයන්හි සම්පූර්ණ වගකීම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරේ.
ආයතනික වගවීම ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ රාමුවේ කාර්යක්ෂමතාව හා විනිවිදභාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් මෙම වගකීම් පවරා දීම සිදු කළ බව මහ බැංකුව කියයි.
රාජ්‍ය ණය කළමනාකරණ පනතේ සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අදාළ විධිවිධානවලට අනුව, 2026 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාජ්‍ය සුරැකුම්පත්හි ලේඛකාධිකාරී ලෙස පත් කර ඇති අතර, රාජ්‍ය සුරැකුම්පත් සඳහා වූ නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය සහ රාජ්‍ය සුරැකුම්පත් සඳහා වූ මධ්‍යම තැන්පතු පද්ධතිය ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.
( divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)
මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි
T
The Leader Desk
January 1, 2026 • 4:09 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ලංකාසෙක්‍යු අංශය, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත පැවරීම සිදුවේ.
- රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතට අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ස්ථාපිත කරන ලදී.
- ආයතනික වගවීම ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ රාමුවේ කාර්යක්ෂමතාව හා විනිවිදභාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් මෙම වගකීම් පවරා දීම සිදු කළ බව මහ බැංකුව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



