The Leader News
BREAKING
Top Ad
පුවත්

රිමාන්ඩ් කල ඩග්ලස් දේවානන්දා බන්ධනාගාර රෝහලට යැවූ හේතුව

T

The Leader Desk

January 1, 2026 • 4:18 AM

රිමාන්ඩ් කල ඩග්ලස් දේවානන්දා බන්ධනාගාර රෝහලට යැවූ හේතුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණය ලබාදුන් නියෝග මත ඔහු එම බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර ආරංචි පවසයි.
  • ඔහුට මහර බන්ධ­නා­ගා­රය තුළ දැඩි ආර­ක්ෂාව සපයා ඇති අතර අමු­ත්තන් හමු­වී­මද සීමා කර ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග කියයි.
  • පෙරේදා (28)පස්ව­රුවේ මහර බන්ධ­නා­ගාර වෙත රැගෙන ආ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවා­නන්දා පළ­මුව බන්ධ­නා­ගාර වෛද්‍ය­ව­රයා විසින් පරීක්‍ෂා කිරී­මෙන් පසු බන්ධනා­ගාර රෝහලේ වාට්ටු­ව­කට ඇතු­ළත් කර ඇත.
  • අද දිනයේ වෛද්‍ය සායනයක් සදහා ඔහු රාගම රෝහල වෙත රැගෙන යාමට නියමිත බවද බන්ධනාගාර ආරංචි වැඩි දුරටත් කියා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණය ලබාදුන් නියෝග මත ඔහු එම බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර ආරංචි පවසයි.

කෙසේවෙතත් ඔහුට කිසිදු විශේෂ පහසුකම් ලබා දී නොමැත.

ඔහුට  මහර බන්ධ­නා­ගා­රය තුළ දැඩි ආර­ක්ෂාව සපයා ඇති අතර අමු­ත්තන් හමු­වී­මද සීමා කර ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග කියයි.

පෙරේදා (28)පස්ව­රුවේ මහර බන්ධ­නා­ගාර වෙත රැගෙන ආ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවා­නන්දා පළ­මුව බන්ධ­නා­ගාර වෛද්‍ය­ව­රයා විසින් පරීක්‍ෂා කිරී­මෙන් පසු බන්ධනා­ගාර රෝහලේ වාට්ටු­ව­කට ඇතු­ළත් කර ඇත.

අද දිනයේ වෛද්‍ය සායනයක් සදහා ඔහු රාගම රෝහල වෙත රැගෙන යාමට නියමිත බවද බන්ධනාගාර ආරංචි වැඩි දුරටත් කියා සිටියි.

රජය නීත්‍ය­නු­කූ­ලව ඔහුට ලබා­දුන් ගිනි අවි­යක් පාතාල කල්ලි සාමා­ජි­ක­යකු අතට පත්වීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය විසින් ඔහුව ජන­වාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියම කෙරිණි.

ජොහාන් ප්‍රනාන්දුත් මහර


මේ අතර රක්‍ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහර බන්ධනාගාරයේ රඳවා ඇත.

එම බන්ධනාගාරයේ රෝහලට අයත් වාට්ටුවක තවත් රැදවියන් 200 කට අධික පිරිසක් සමග ඔහු රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මහර බන්ධනාගාරයට රැගෙන එන නවක රැදවියන් පළමුව එම බන්ධනාගාර රෝහලට අයත් 7 සහ 8 යන වාට්ටු දෙකේ රඳවනු ලබයි.

සතියක් පමණ කාලයක් එහි රදවා තැබීමෙන් අනතුරුව ඔවුන් වෙනත් වාට්ටුවකට මාරු කරන බව බන්ධනාගාර ආරංචි පවසයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුත්‍රයා ලබන 9 වනදා දක්ව රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රිමාන්ඩ් කල ඩග්ලස් දේවානන්දා බන්ධනාගාර රෝහලට යැවූ හේතුව | The Leader