The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනමාධ්‍ය නියාමනය සඳහා වන ස්වාධීන කොමිසමක් වහා ස්ථාපිත කරන්න

T

The Leader Desk

January 1, 2026 • 7:19 AM

ජනමාධ්‍ය නියාමනය සඳහා වන ස්වාධීන කොමිසමක් වහා ස්ථාපිත කරන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ සභාපති දිලිෂා අබේසුන්දර සහ උප සභාපති සුජීව සෙනරත් ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.
  • එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
  • අසත්‍ය පුවත් විකාශනය කරන ලදැයි චෝදනා එල්ල වී ඇති විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක විකාශන බලපත්‍ර ආපසු කැඳවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හෝ එසේ කළ යුතු බවට සමාජය තුළ ගොඩනැගී ඇති කතිකාව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙන්ම එහි වෘත්තීය සමිතියේද දැඩි අවධානය යොමුව තිබේ.
  • ප්‍රස්තූත සිදුවීම්වලට අදාළව අදහස් ප්‍රකාශ කරමින්, එය ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක් නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පසුබට නොවන බවට විෂය භාර අමාත්‍යවරයාද පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ සභාපති දිලිෂා අබේසුන්දර සහ උප සභාපති සුජීව සෙනරත් ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

අසත්‍ය පුවත් විකාශනය කරන ලදැයි චෝදනා එල්ල වී ඇති විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක විකාශන බලපත්‍ර ආපසු කැඳවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හෝ එසේ කළ යුතු බවට සමාජය තුළ ගොඩනැගී ඇති කතිකාව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙන්ම එහි වෘත්තීය සමිතියේද දැඩි අවධානය යොමුව තිබේ.

ප්‍රස්තූත සිදුවීම්වලට  අදාළව අදහස් ප්‍රකාශ කරමින්, එය ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක් නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පසුබට නොවන බවට විෂය භාර අමාත්‍යවරයාද පවසා තිබේ.

 

සියලු විද්‍යූත් මාධ්‍ය වෙත ලබාදී ඇති සංඛ්‍යාත මහජනයා සතු දෙපලක් බවද, ඊට අදාළව ජනමාධ්‍ය සමාජ වගකීමෙන් බැඳෙන බවද මේ පසුබිමෙහි වටහා ගත යුතු නමුත් භාෂණයේ සහ ප්‍රකාශනයේ ව්‍යවස්ථාපිත නිදහස ඊට අදාළ සීමාවන් තුළ ආරක්ෂා වීම කෙරෙහිද සමස්ත සමාජයේ අවධානය යොමු විය යුතුය.  මාධ්‍ය නිදහස යනු එකී සකලවිධ කාරණා අතර සමබර හා විනිවිද පෙනෙන සුළු වූවකි.

 

එබැවින් මාධ්‍ය නිදහස පිළිබඳ සංකල්පය අවභාවිතා කරමින් මහජනයා වෙත අසත්‍ය ප්‍රචාර කිරීම තුළින්  සමාජ අගතීන් නිර්මාණය කිරීමද පිළිගත නොහැකි තත්ත්වයකි.  එබැවින්, එවැනි ක්‍රියා නියාමනය  කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තක්  වේ.

එසේම බහුතර විද්‍යූත් මාධ්‍ය ආයතන වෙත ලබාදී ඇති බලපත්‍ර දේශපාලන වුවමනාවන් ඉටු කරගැනීමට ලබා දුන් ඒවා බවටද සමාජය තුළ මතයක් පවතී. කිසිදු ආකාරයක විනිවිද පෙනෙන වැඩපිළිවෙලකින් තොරව ලබා ගත් එම සංඛ්‍යාත ප්‍රයෝජනයට ගනිමින් විකාශන පවත්වා ගෙන යනු ලබන  ඇතැම් විද්‍යුත් මාධ්‍ය ආයතනවල සේවය කරනු ලබන ජනමාධ්‍යකරුවන්ගේ අයිතිවාසිකම්ද  ඒවායේ හිමිකරුවන් විසින් අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටින බව අමිහිරි සත්‍යයකි. එවැනි ඇතැම් ආයතනවල හිමිකරුවන් කම්කරු අයිතිවාසිකම්ද නොසළකා කටයුතු කරන බව නිරීක්ෂණය වේ.

 

මෙම තත්ත්වය විද්‍යුත් මාධ්‍යවලට පමණක් සීමා නොවන අතර පුද්ගලික මුද්‍රිත මාධ්‍ය ආයතන තුළ තත්ත්වයද වෘත්තීය අයිතීන් නොසළකා කටයුතු කිරීම දක්වා වර්ධනය වී ඇත. මාසයක් පුරා දිවා රාත්‍රී නොබලා තම රාජකාරිය අකුරට ඉටුකරන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ වැටුප පවා නියමිත වේලාවට  නොලැබෙන අතර, එය මාස 3-4 ක් ප්‍රමාද කරන තත්ත්වයක් දක්නට ඇත. EPF/ETF ඇතුළු ඔවුන්ට හිමි සියලු වරප්‍රසාද අහිමි කර ඇත. ඒවා පිළිබඳව ප්‍රශ්ණ කළ විට සේවයෙන් ඉවත්ව යන ලෙස තර්ජනය කළ අවස්ථා බොහෝමයක් අප වෙත වාර්තා වී තිබේ.

 

ප්‍රාදේශීය මට්ටමින් කටයුතු කරන මාණ්ඩලික හා  ප්‍රාදේශිය ජනමාධ්‍යකරුවන්ගේ තත්ත්වයද ඉතාම ශෝචනීය වේ. ඔවුන්ට හිමි, නියමිත වැටුප හා ගෙවීම් මාස ගණන් ප්‍රමාද වෙමින් තිබේ. ඇතැම් ආයතන ජනමාධ්‍යකරුවකුට හිමි සේවා හැඳුනුම්පත හෝ ලබාදීමට කටයුතු කර නොමැත.

මෙවැනි ගැටලු රාශියක් ජනමාධ්‍ය කර්මාන්තයට අදාළව අද වනවිට දක්නට ලැබේ. ඒවා  විසඳා ගැනීම සඳහා ආණ්ඩුව අනුගමනය කළ යුතු මාර්ගය වන්නේ සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන, මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීමට පහසුකම් සැපයීමයි.

ආණ්ඩු විසින් මාධ්‍ය නියාමනය කරනු ලැබීමට මැදිහත් වීම නූතනවාදී  ප්‍රවේශයක් නොවන හා ප්‍රජාතන්ත්‍රවාදය පටහැණි පසුබිමක වර්තමාන ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ ඒ සඳහා අවශ්‍ය පරිසරය  නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීමයි.

ඒ සඳහා වර්තමාන ආණ්ඩුවට අවශ්‍ය  මඟ පෙන්වීමක් ඇත්නම්  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය හා මව් සංවිධානය වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද සහාය ලබාදීමට සූදානම්ය. එසේම ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා මෙම ආණ්ඩුව අවංක උත්සාහයක යෙදෙන්නේ නම්  ඒ සඳහා ජනමාධ්‍ය ප්‍රජාව දායකත්වය ලබාදෙන බවද අපගේ විශ්වාසයි.

press release 31122025 page 0001press release 31122025 page 0002

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනමාධ්‍ය නියාමනය සඳහා වන ස්වාධීන කොමිසමක් වහා ස්ථාපිත කරන්න | The Leader