The Leader News
BREAKING
Top Ad
පුවත්

නායයෑමෙන් නිවාස අහිමි වූ ජනතාවගේ සුවදුක් විමසන්න ජනපති අංකුඹුරට යයි

T

The Leader Desk

January 1, 2026 • 3:36 PM

නායයෑමෙන් නිවාස අහිමි වූ ජනතාවගේ සුවදුක් විමසන්න ජනපති අංකුඹුරට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (01) දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක එම ජනතාවගේ සුවදුක් විමසා බැලීය.
  • පසුගිය ආපදා තත්ත්වයත් සමඟ අංකුඹුර, ගන්කොටුව ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් නිවාස 06කට පූර්ණ හානි සහ නිවාස 15කට අර්ධ හානි සිදු වූ අතර අධි අවදානම් කලාපයක් ලෙස හදුනාගත් ප්‍රදේශයේ නිවාස 30ක පදිංචිකරුවන් ඉවත් කරන ලදී.
  • ඒ අනුව පසුගිය නොවැම්බර් 28 වනදා ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ආරම්භ කළ සුරක්ෂිත මධ්‍යස්ථානයේ පවුල් 47ක පුද්ගලයෝ 189 දෙනෙක් පමණ තාවකාලිකව රැඳී සිටි අතර පවුල් 07ක පුද්ගලයෝ 23 දෙනෙක් පමණක් තවමත් රැඳී සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (01)  දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක එම ජනතාවගේ සුවදුක් විමසා බැලීය.

පසුගිය ආපදා තත්ත්වයත් සමඟ අංකුඹුර, ගන්කොටුව ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් නිවාස 06කට පූර්ණ හානි සහ නිවාස 15කට අර්ධ හානි සිදු වූ අතර අධි අවදානම් කලාපයක් ලෙස හදුනාගත් ප්‍රදේශයේ නිවාස 30ක පදිංචිකරුවන් ඉවත් කරන ලදී.

ඒ අනුව පසුගිය නොවැම්බර් 28 වනදා ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ආරම්භ කළ සුරක්ෂිත මධ්‍යස්ථානයේ පවුල් 47ක පුද්ගලයෝ 189 දෙනෙක් පමණ තාවකාලිකව රැඳී සිටි අතර පවුල් 07ක පුද්ගලයෝ 23 දෙනෙක් පමණක් තවමත් රැඳී සිටිති.

එම ජනතාව සමඟ සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා බැලු අතර සුබසාධන කටයුතු සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද සොයා බැලීය.

පූජාපිටිය, වැල්ගාල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍ය බඹරගහකන්දේ ඥානසිරි හිමිපාණන් වහන්සේ සහ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර දිසානායක, පූජාපිටිය ප්‍රාදේශීය සභා සභාපති සංජීව එදිරිසිංහ, ප්‍රාදේශීය ලේකම් ශානිකා දීගල ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

te4t45

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නායයෑමෙන් නිවාස අහිමි වූ ජනතාවගේ සුවදුක් විමසන්න ජනපති අංකුඹුරට යයි | The Leader