පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර අවධාරණය කර සිටියි
එක්සත් ජාතික පක්ෂයත් සමගි ජනබලවේගයත් එකතු විය යුතුයි යන මතයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සහ සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් සිටින බව පවසන සජබ ලේකම්වරයා, ඒ සඳහා වන සාකච්ඡාවල වගකිම සජිත් ප්‍රේමදාස ගෙන තිබෙන බවද කියා සිටියි.
ඔහු එබව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයක් හමුවේය. සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් සමග පැවති සාකච්ජාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියා එහිදී කරුණු විමසා සිටියේය.
''ඒ සාකච්ඡා ඉදිරියට ගමන් කරනවා. ඒ අනුව එම සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙනවා. සුදුසු වේලාවේ දී පක්ෂ දෙක එකතුවීම සිදුවෙයි. ඒ වගේම පක්ෂ දෙක එකතුවෙලා සන්ධානයක් ලෙස කටයුතු කරන්නත් පුලුවන්. ඒ වගේම වැඩිම ජනතා කැමැත්ත තිබෙන්නේ විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පරිනතභාවයටත් වටිකාමක් දිය යුතුයි. කෙසේ නමුත් සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනිවාර්යෙන්ම එකතු වෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණයේ දී වැඩි ඡන්ද ප්‍රමාණයක් සමගි ජනබලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට ගැනීමට හැකි වෙනවා.'' යයි සජබ මහ ලේකම්වරයා පැවසිය.
ආණ්ඩුවට අවුරුද්දයි මාස හතරයි; ජනතාවට දුන් පොරොන්දු කෝ...?
ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගෙන අවුරුද්දයි මාස හතරක කාලයක් ගතවී ගොස් තිබුණ ද මේ කාලය තුළ ආණ්ඩුව ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු කළා දැයි ප්‍රශ්නයක් පවතින්නේ යැයි ඔහු පැවසී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රන්ජිත් මද්දුම බණ්ඩාර,
''පසුගිය වසරේ ඇතිවුණ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන ලබාදීමේ දී ආණ්ඩුව අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන පැහැදිලි භාවයක් නැහැ. ඒ වගේම ආපදා තත්ත්වයක් ඇතිවීමට පෙර ඊට සුදානම් වෙනවා වගේම ආපදා තත්ත්වයකින් පසු සුදානම් වීමත් අත්‍යාවශ්‍ය කාරණයක්. ආණ්ඩුවේ පෙර සුදානම නොමැතිවීම හේතුවෙන් විශාල ජිවිත සහ දේපළ ගණනක් රටට අහිමි වුණා. ආපදාවෙන් විපත පත් ජනතාවට සහන පැකේජයක් ලබාදෙන බවට ජනාධිපති අනුර දිසානායක මහතා පොරොන්දු වුණා. නමුත් එම සහන පැකේජ තවමත් බහුතරයක් ජනතාවට ලැබිලා නැහැ. ආපදාවෙන් විපතට පත් ජනතාව ගේ තොරතුරු එකතු කරගන්නත් ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා.
මාධ්‍ය මර්දනයට අපි විරුද්ධයි
ආණ්ඩුව, මැතිවරණ පොරොන්දු එකක්වත් ඉටුකරලා නැහැ
රාජ්‍ය සේවකයේ අන්ත අසරණ වෙලා
සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. විශ්ව විද්‍යාල සිසුන් පාරට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණයි. කෙසේ නමුත් උපාධිධාරීන්ට රැකියා ලබාදීම බොරු පොරොන්දුවක් බවට පත්ව තිබෙනවා. උපාධිධාරීන්ට රැකියා දෙන්නේ තරග විභාගවලින් සමත්වුණොත් පමණක් බව දැන් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. රජයේ සේවකයා අන්ත අසරණ තත්ත්වයට පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ආණ්ඩුවට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව ප්‍රකාශ කළත් එය ඉටු කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. කෙසේ නමුත් ආණ්ඩුව බලයට ගෙන එන්න ගුරුවරු විශාල කැපවීමක් සිදුකළා. නමුත් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන්ම දැන් කතා කරන්නෙත් ගුරුවරුයි.
ආණ්ඩුව දෙන කැකිල්ලේ තීන්දු
මේ වන විට රටේ නීතියේ සාධාරණත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. මතුගම නගර සභාවේ සභාපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය කටයුතු කර තිබුණා. නමුත් නීතිඥයින්ට තර්ජනය කළ ජාතික ජනබලවේගයේ කඩුවෙල නගරාධිපතිවරයාට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම සේවිකාවකට අයුතු යෝජනා ගෙන ආ බවට චෝදනා එල්ල වුණ ජාතික ජනබලවේගයේ මොරටුව නගරාධිපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම මත්ද්‍රව්‍ය වැටලිම්වලට යන පොලිස් නිලධාරීන් ගේ රැකියාව නැතිවන තත්ත්වයක් අද රට තුළ නිර්මාණය වී තිබෙනවා. ආණ්ඩුව දෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තින්දු. රටේ නීතිය සාධාරණය ක්‍රියාත්මක කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
විගණකාධිපති දෙපාර්තමේන්තුවට ප්‍රධානියෙක් නැහැ
වංචාව දුෂණය නැති කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. රටේ ආයතනවල සිදුවන වංචා දුෂණ සොයා බලන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවයි. නමුත් මාස 8 ක් විගණකාධිපතිවරයෙක් පත් කරන්න ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. ජනාධිපතිවරයාට අවශ්‍ය පුද්ගලයා විගණකාධිපතිධුරය සඳහා පත් කරන්නයි ආණ්ඩුව සුදානම් වෙන්නේ. 2025 වසරේ රජයේ ආයතනවල සිදුවුණ ගනුදෙනු පිළිබඳව විගණනකාධිපති දෙපාර්තමෙන්තුව විගණනය කළ යුතුයි. නමුත් විගණකාධිපති දෙපාර්තමේන්තුවට ප්‍රධානියෙක් නැහැ. ඒ වගේම වැඩබලන විගණකාධිපතිවරයා එම තනතුරේ පිහිටුවන්නත් ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.
වහාම පළාත් සභා ඡන්දය පවත්වන්න
මේ වසර තීරණාත්මත වසරක්. ඒ නිසා ආණ්ඩුවේ තරම බලා ගැනීමට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුවේ ජනප්‍රියතාව අඩු වුණා. ඡන්ද ලක්ෂ 13 කින් ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්න නීතියෙන් බාධාවක් තිබෙනවා නම් ඒ සඳහා ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබාදෙන්න සමගි ජනබලවේගය සුදානම්. පළාත් සභා මැතිවරණයේ දී ජනතාව ආණ්ඩුවට නිසි පිළිතුරක් ලබාදෙයි. ''




