The Leader News
BREAKING
Top Ad
පුවත්

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

T

The Leader Desk

January 1, 2026 • 4:47 PM

 ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්ෂණ නිම වන තෙක්, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
  • English Language First Term Module Grade 6 පොතෙහි මෙලෙස එක් ක්‍රියාකාරකමක ස්ථාන කිහිපයක එලෙස සමලිංගික වෙබ් අඩවියේ නම සඳහන්ව ඇති බව එම පිටුවෙහි රූප සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
  • 'ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ' වෙබ් අඩවියේ නම ඇතුළත් කිරීමේදී එය පරීක්ෂා නොකිරීමේ වගකීම තමන් භාර ගත යුතු යැයි මොඩියුලය සකස් කළ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ පසුගියදා 'බීබීසී සිංහල සේවය' වෙත ප්‍රකාශකර තිබිණ.
  • "නම දානකොට අපිට කියන්න පුළුවන් NIE එක හැටියට ඒ නම ඒ ඇක්ටිවිටි එකේ පාවිච්චි කරන එක ගැන හොයලා බලන්න තිබුණා කියන ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ." ඇය වැඩි දුරටත් සඳහන් කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්ෂණ නිම වන තෙක්, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍යවරිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව ඇය විසින් මෙම පියවර ගෙන තිබේ.

වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් සහ මතභේදයක් ඇති වූ අතර, අදාළ මොඩියුලය සකස් කිරීමේදී සිදු වූ දෝෂ සහ වගකීම් පැහැර හැරීම් පිළිබඳවද අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

ඒ සම්බන්ධව වහා ම ක්‍රියාත්මක පරිදි පරීක්ෂණයක් ආරම්භ කරන බවත්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බවත් එම අමාත්‍යංශය දෙසැම්බර් 30 වන දා නිවේදනය කළේ ය.

English Language First Term Module Grade 6 පොතෙහි මෙලෙස එක් ක්‍රියාකාරකමක ස්ථාන කිහිපයක එලෙස සමලිංගික වෙබ් අඩවියේ නම සඳහන්ව ඇති බව එම පිටුවෙහි රූප සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

'ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ'

වෙබ් අඩවියේ නම ඇතුළත් කිරීමේදී එය පරීක්ෂා නොකිරීමේ වගකීම තමන් භාර ගත යුතු යැයි මොඩියුලය සකස් කළ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ පසුගියදා 'බීබීසී සිංහල සේවය' වෙත ප්‍රකාශකර තිබිණ.

"නම දානකොට අපිට කියන්න පුළුවන් NIE එක හැටියට ඒ නම ඒ ඇක්ටිවිටි එකේ පාවිච්චි කරන එක ගැන හොයලා බලන්න තිබුණා කියන ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ." ඇය වැඩි දුරටත් සඳහන් කර තිබිණ. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...