රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ රාත්‍රියේ සඳහන් කර සිටියේය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය අද (2) දින නිකුත් කරන බවද සඳහන්වේ.
එම නිවේදනයට අනුව, 2026 වසර තුළ 5 සිට 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 - ප.ව 1.30 ලෙස නොවෙනස් ව පවතී.
එමෙන්ම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7ක් වන අතර එක් කාලච්ඡේදයක් සඳහා පෙර පරිදි මිනිත්තු 45 ක් වෙන් කෙරෙනු ඇත.
අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා මේ වසරේදී ක්‍රියාත්මක වන අතර එම ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් සඳහා එළැඹෙන ජනවාරි 21 වන දින ආරම්භ වීමට නියමිත බවය.
රජයේ, අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 5 දින ආරම්භ වීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ ය.
1ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ජනවාරි 5 වන දා ආරම්භ වන අතර එම අධ්‍යයන කටයුතු විධිමත් ලෙස ආරම්භ වන්නේ ජනවාරි 29 වන දින බව එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම 1ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර සිසුන්ට ලබා දී අවසන් කිරීමට කටයුතු සළසා දී ඇති අතර අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් මේ වන විට බෙදා අවසන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ය.
මේ අතර 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස එළැඹෙන ජනවාරි 12 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිත බවඳ අධ්‍යාපන අමාත්‍යංශ්‍ය නිවේදනය කරයි.




