The Leader News
BREAKING
Top Ad
පුවත්

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපාකාර සමිතිවලට අඩු පොලියට ණයක්

T

The Leader Desk

January 2, 2026 • 3:51 AM

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපාකාර සමිතිවලට අඩු පොලියට ණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වී ගොවින් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායි පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
  • අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුය.
  • මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 7%ක වාර්ෂික පොළි අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතුය.
  • මෙම ණය යෝජනාක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස සහත සඳහන් බැංකු තෝරාගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


වී ගොවින් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායි පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව, මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කයත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මේ ටො. 25 කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති ය.

 අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 7%ක වාර්ෂික පොළි අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතුය.

මෙම ණය යෝජනාක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස සහත සඳහන් බැංකු තෝරාගෙන ඇත.

ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්. සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, අමානා බැංකුව, කාගිල්ස් බැංකුව, පෑන් එෂියා බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා 2025/26 මහ කන්නය සඳහා නිදහස් කිරීමට අපේක්ෂා කරන මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 10.000ක් පමණ වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇත.

(සටහන | ජේ.මුණසිංහ) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපාකාර සමිතිවලට අඩු පොලියට ණයක් | The Leader