The Leader News
BREAKING
Top Ad
පුවත්

ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙට්ට ගනුදෙනුව 'පට්ට ගැසූ' පුහුණුකරු පොලිසි කැඳවයි

T

The Leader Desk

January 2, 2026 • 4:42 AM

ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙට්ට ගනුදෙනුව 'පට්ට ගැසූ' පුහුණුකරු පොලිසි කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රියන්ත තන්ත්‍රිගේ විසින් ක්‍රීඩාංගණයට මාධ්‍ය රැගෙන ගොස් ඇතිය යන්න මෙකී පැමිණිල්ලේ චෝදනාව බව පැවසේ.
  • මේ අතර ඔහු විසින් මාධ්‍ය හමුවේ එම අදහස් ප්‍රකාශ කරන මොහොතේ ඒ අසල සිටි (නමුත් මාධ්‍ය වෙත කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමට කටයුතු නොකළ) පුහුණුකරුවකුද අදාළ චෝදනාව යටතේම කටඋත්තර ගැනීම සඳහා අද කුරුඳුවත්ත පොලිසියට කැඳවා ඇත.
  • ( aruna | ඉන්ද්‍රජිත් සුබසිංහ).
අකුරු ප්‍රමාණය (Font Size):


මීටර 3000 බාධක දිවීම සහ මීටර 5000 යන ඉසව්වල හිටපු ජාතික ශූරයකු, ජාතික වාර්තා ලාභියකු, ජාත්‍යන්තර පදක්කම්ලාභියකු මෙන්ම ජාත්‍යන්තර සුදුසුකම් ලත් පුහුණකරුවකු වන ප්‍රියන්ත තන්ත්‍රිගේට විරුද්ධව එකී පැමිණිල්ල සිදුකර ඇත්තේ කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ එකී ක්‍රීඩා භාණ්ඩ භාරව සිටින නිලධාරියකු විසින් කළ පැමිණිල්ලකට අනුව යැයි පැවසේ.

ප්‍රියන්ත තන්ත්‍රිගේ විසින් ක්‍රීඩාංගණයට මාධ්‍ය රැගෙන ගොස් ඇතිය යන්න මෙකී පැමිණිල්ලේ චෝදනාව බව පැවසේ.

මේ අතර ඔහු විසින් මාධ්‍ය හමුවේ එම අදහස් ප්‍රකාශ කරන මොහොතේ ඒ අසල සිටි (නමුත් මාධ්‍ය වෙත කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමට කටයුතු නොකළ) පුහුණුකරුවකුද අදාළ චෝදනාව යටතේම කටඋත්තර ගැනීම සඳහා අද කුරුඳුවත්ත පොලිසියට කැඳවා ඇත.

වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිලෙස විවේචනයට ලක්වන සේ සහ වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිහානීය ලක්ෂණ ගෙනහැර දක්වමින් අදාළ පුහුණුකරුවා කරුණු දැක්වීමෙන් අනතුරුව, ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන් ඒ පිළිබඳ බොහෝ කලබල වී ඇති බවටද ක්‍රීඩා අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන අතර අදාළ ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ සමාජ ගතවීමෙන් අනතුරුව ටොරින්ටන් ක්‍රීඩාංගණයේ ආරක්ෂක අංශයද එකී පුහුණුකරුවාට එරෙහිව පැමිණිල්ලක් සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙත යොමුකර තිබූ බවද වැඩිදුරටත් සැලවේ.

(aruna | ඉන්ද්‍රජිත් සුබසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙට්ට ගනුදෙනුව 'පට්ට ගැසූ' පුහුණුකරු පොලිසි කැඳවයි | The Leader