ඊලාම් දෙමළ ජනතාවට යුක්තිය ඉටු කිරීමට රජය අසමත් වී ඇති බව පෙන්නුම් කරන ප්‍රධාන නිදසුනක්යැයි මඩකලපුව සර්වාගමික සංගමයේ ප්‍රධාන ලේකම් පියතුමා සඳහන් කර තිබේ.
"ජෝසප් පරරාජසිංගම්ගේ මරණයෙන් වසර 20 කට පසුවත් යුක්තිය ඉටු නොවීම කියන්නේ ඊලාම් දෙමළ ජනතාවට යුක්තිය ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බවට ප්‍රධාන උදාහරණයක්."

ඝාතනයට ලක් වු දෙමළ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමට කැපවීම දිවි ගලවාගත් ජනතාවගේ යුතුකම බව මඩකලපුව බහු ආගමික සංගමයේ ලේකම් කන්දයියා ජෙගදාස් පියතුමා පවසා තිබුනේ මඩකලපුව ශාන්ත මරියා ආසන දෙව්මැදුරේ නත්තල් පූජාවට සහභාගි වෙමින් සිටියදී 2005.12.25 දින ඝාතනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ 20 වැනි අනුස්මරණයට එක්වෙමිනි.
"අද සාමාන්‍ය තත්වය සාක්ෂාත් වී ඇතැයි කොයිතරම් කීවත්, එය කෙතරම් සාමකාමී වුවත්, දූෂණය තුරන් කළත්, අපට සහ වින්දිතයන්ට යුක්තිය තවමත් දුරස්ථ සිහිනයක්. හඬක් නැති ජනතාවට විතරක් නෙමෙයි, මේ දේශයේ පසුගිය සියවසේ මේ රටේ සිදු වූ ජන සංහාරයට මුහුණ දීලා දිවි ගලවා ගත් අය වන අපි යුක්තිය පතා අපගේ යුතුකම ඉටු කළ යුතු අය වෙනවා. එම අධිෂ්ඨානය සමඟ ගමන් කිරීමට ද අපට බල කෙරී තිබෙනවා. එම අවබෝධය සමඟ ගමන් කිරීම ජෝසප් පරරාජසිංහම් වැනි අයට අපගේ සැබෑ උපහාරය වෙනවා."

ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනයට යුක්තිය ඉල්ලා නත්තලට පසු දා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියකින් මඩකලපුව නගර ශාලාව වෙත පැමිණි පිරිස එහිදී හිටපු ජනතා නියෝජිතයා අනුස්මරණය කිරීමට කටයුතු කර තිබේ. එම අනුස්මරණය සංවිධානය කර තිබුනේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපුව දිස්ත්‍රික් තරුණ පෙරමුණ විසිනි.
ද්‍රවිඩ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 2015.10.09 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයකුද වන ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ඇපමත මුදාහැර තිබුනි.

ජාතික ජන බලවේග ආණ්ඩුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති රවීන්ද්‍රනාත් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග හා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ඇතුළු ‘සංකේතාත්මක’ ලෙසින් හැඳින්වුණු නඩු කිහිපයක් විමර්ශනය කරන බව පැවසුවද ජෝසප් පරරාජසිංගම් ඝාතනය එයට ඇතුලත් වී තිබුනේ නැත.
තෝරා ගත් නඩු කිහිපයක් පමණක් සම්බන්ධයෙන් යළි පරීක්ෂණ ආරම්භ කිරීමට හේතු කවරේදැයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී 2024 ඔක්තෝබර් මාසයේදී මාධ්‍යවේදියෙකු එවකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විමසු විට ඔහු පවසා තිබුනේ අනෙකුත් ඝාතන සිද්ධීන් පිළිබඳ විමර්ශන ද ඉදිරියේදී යළිත් වරක් ආරම්භ කරන බවයි.
"අපි මේ 7 ක් ගැන කිව්වේ දැනට වඩාත්ම තොරතුරු සහ ගොඩක් පරීක්ෂණ අවසන් වෙච්ච දේවල්. ඒවා ඉක්මනින් ඉවර කරන්න පුළුවන් දේවල් . එහෙම නැතුව ඒ 7 විතරක් කියන එක නෙමෙයි. එහෙම වැරදි අදහසක් ගන්න එපා. පසුගිය කාලය තුල වෙච්ච සියළුම ගණයේ ආර්ථික අපරාධ, ඒ වගේම මිනිස් ඝාතන, මාධ්‍යවේදීන් පැහැර ගැනීම්, ඝාතන, ඒ සියල්ල පිළිබද පරීක්ෂණ පවත්වලා ඒ පිළිබදව අදාල අයට නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක අපේ වගකීම. එහෙම නැතිව තෝරා ගත්ත කිහිපයක් පමණක් නෙමෙයි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව 'පිල්ලෙයාන්' හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් 2025 අප්‍රේල් 8 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.




