The Leader News
BREAKING
Top Ad
පුවත්

තිස්ස විහාර භුමියේ සැබෑ අයිතිය වෙනුවෙන් අරගලය නව වසරේත් පෙරටම

T

The Leader Desk

January 3, 2026 • 3:06 AM

 තිස්ස විහාර භුමියේ සැබෑ අයිතිය වෙනුවෙන් අරගලය නව වසරේත් පෙරටම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අරගලය සඳහා උතුරේ ප්‍රධානතම සංඝනායක හිමියන්ගේ ආශිර්වාදයද ලැබී තිබේ.
  • සාකච්ඡාවෙන් පසු ඉඩම් හිමියෙක් හෙළි කර තිබු පරිදි ඉඩම් අහිමි වුවන් දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ සම්පුර්ණ භුමියම නිදහස් කරන ලෙසයි.
  • "එම ඉඩමේ ගොඩනැගිලි ඉදිකර ඇති ප්‍රදේශය හැර අනිත් ඉඩම් අදියර හතරකින් නිදහස් කරගැනීම පිළිබදව සාකච්ඡාව තිබුනා.
  • හැකි ඉක්මනින් ඉඩම නිදහස් කරන බව ඔවුන් පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අරගලය සඳහා උතුරේ ප්‍රධානතම සංඝනායක හිමියන්ගේ ආශිර්වාදයද ලැබී තිබේ.

 තිස්ස රජමහා විහාරස්ථානය ඉදි කර තිබෙන සිය භුමිය නිදහස් කරන ලෙස ඉල්ලමින් දෙවසරකට වැඩි කාලයක් අරගලයේ නිරතව සිටින ජනයා සමග 2025 දෙසැම්බර් 31 වැනිදා පැවැත්වු සාකච්ඡාවකදී යාපනය දිස්ත්‍රික් ලේකම් මර්දලිංගම් ප්‍රදීපන් පවසා තිබුනේ ‘කොටස් වශයෙන්’ ඉඩම් කැබලි නිදහස් කිරීමේ සුදානමක් ඇති බවයි.

 
සාකච්ඡාවෙන් පසු ඉඩම් හිමියෙක් හෙළි කර තිබු පරිදි ඉඩම් අහිමි වුවන් දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ සම්පුර්ණ භුමියම නිදහස් කරන ලෙසයි.

"එම ඉඩමේ ගොඩනැගිලි  ඉදිකර ඇති ප්‍රදේශය හැර අනිත් ඉඩම් අදියර හතරකින් නිදහස් කරගැනීම පිළිබදව සාකච්ඡාව තිබුනා. හැකි ඉක්මනින් ඉඩම නිදහස් කරන බව ඔවුන් පැවසුවා. අපි අපගේ ස්ථාවරය ප්‍රකාශ කරා. අපට අපගේ ඉඩම අවශ්‍යයි," යනුවෙන් කනගසබෙයි මදිඅලහන් මාධ්‍යවේදීන් හා පවසා සිටියේය.

106
තිස්ස විහාරයේ භුමිය සදහා අයිතිය කියා පත්මනාදන් සාරුජන් ද දිස්ත්‍රික් ලේකම්වරයා සමග පැවැති  සාකච්ඡාව හමාරයේ පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ ඉඩම් නිදහස් කිරීමේ රජයේ උත්සාහයට බාධා නොකරන නමුත් බලහත්කාරයෙන් අල්ලා ගත් සම්පුර්ණ ඉඩම නිදහස් කරන තුරු දෙමළ ජනයා ඉඩම් නිදහස් කර ගැනීමේ අරගලය අත් හැරීමට සුදානම් නොමැති බවයි.

"ඉඩම නිදහස් කිරීමට ඔවුන් දරන උත්සාහයට අපි බාධා කරන්නේ නැ. ඒ සමඟම, අපි අපගේ අරගලය අත් හරින්නෙත් නෑ. මේකේ පරප්පු 50 ක් හිමිකරුවෝ ඉන්නවා. පරප්පු බාගයක හිමිකරුවනුත් ඉන්නවා. අපේ අරමුණ වන්නේ සම්පුර්ණ ඉඩමම ආපසු ලබා ගැනීම තමයි. විසදුමක් ලැබෙනවානම් ඒක සතුටු වෙන්න කාරනාවක් තමයි. විසදුමක් ලැබෙනකල් අපි දිගටම සටන් කරනවා. "

 

 ‘රජමහා විහාර’ නාම පුවරු සවි කරමින් හමුදා දායකත්වයෙන් කන්කසන්තුරේ තයියට්ටියේ ඉදි කර ඇති විහාරය සැබෑ තිස්ස විහාරය නොවන බව නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හා උත්තර ලංකාවේ සඟනාහිමියන් පසුගියදා සදහන් කර තිබුනි.

 
එම විහාරය ඉදිකර ඇති භුමියට අයිතිය කියා පාන දෙමළ ජනයා තිස්ස විහාරය ඉදිරිපිටදී 2026 ජනවාරි 2 වැනිදා පෙරවරුවේ මුණගැසී නාගදීප පුරාණ රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් අනුසාසනා කර තිබුනේ විහාරස්ථානය ඉදි කිරීම සදහා අත්පත්කරගෙන ඇති ඉඩම මුළුමනින්ම නිදහස් කරන තුරු සටන් කිරීම යෝග්‍ය බවයි.

"මේක අදියර හතරයි, අදියර තුනයි කියලා එයාලා කියයි. නමුත් පළමු අදියර සදහා වසර දෙක තුනක් යනවා. පළමු අදියර සම්පුර්ණ කළත් මේක ලැබෙන්නේ නැ. ගන්නවා නම් මුළු ඉඩමම ගන්න ඕන. එතෙක් ඔබ සටන් කරන එක හොදයි."

තිස්ස රජමහා  විහාරස්ථානය ඉදි කර තිබෙන සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.

86de6a10 0a06 11f0 88b7 5556e7b55c5e.png

 “ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

 
"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023  අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩි දුරටත්  සදහන් කර තිබේ.

විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියද හිමිව නොතිබු  බවට ඉඩම් නිදහස් කරගැනීමේ අරගලයේ යෙදී සිටින දෙමළ ජනයා දිගින් දිගටම පෙන්වා දී තිබුනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...