The Leader News
BREAKING
Top Ad
පුවත්

'අභ්‍යන්තර ගැටළු වෙත මැදිහත්වීම් එපා' - ඉරානය

T

The Leader Desk

January 3, 2026 • 11:33 AM

 'අභ්‍යන්තර ගැටළු වෙත මැදිහත්වීම් එපා' - ඉරානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරගලයේ යෙදෙන්නන් වෙත හමුදා විසින් තව දුරටත් වෙඩි තැබුවහොත්, වහා ඊට මැදිහත් වන බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (2) තර්ජනය කළේය.
  • අපට තියෙන්නේ වැඩේට බහින්න විතරයි," ඔහු සිය සමාජ මධ්‍යයේ එසේ සඳහන් කළේය.
  • ඉරානයේ අභ්‍යන්තර අර්බුද කෙරෙහි එක්සත් ජනපද අත පෙවීම සමස්ත මැද පෙරදිග කලාපයම අස්ථාවර කිරීමක් බව, එක්සත් ජනපද ජනපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලෙස ඉරානය කියා සිටී.
  • එරට අභ්‍යන්තර ගැටළු වලට එරෙහි යම් ජාත්‍යන්තර මැදිහත් වීමකදී, ඊට ප්‍රතිචාර දැක්වීමේ ස්වෛරී අයිතිය තමන් සතු බව, ඉරානය අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අරගලයේ යෙදෙන්නන් වෙත හමුදා විසින් තව දුරටත් වෙඩි තැබුවහොත්, වහා ඊට මැදිහත් වන බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (2) තර්ජනය කළේය.

" සියල්ල සූදානම්. අපට තියෙන්නේ වැඩේට බහින්න විතරයි," ඔහු සිය සමාජ මධ්‍යයේ එසේ සඳහන් කළේය. ඉකුත් ජුනි මස එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන සොයා බෝම්බ හෙළීය. ඒ, ඉරානයේ පරමාණු වැඩසටහනට සහ හමුදා නායකත්වයට එරෙහිව ක්‍රියාත්මකවූ,  ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන්ට  සහාය දක්වමිනි.  

ඉරානයේ අභ්‍යන්තර අර්බුද කෙරෙහි එක්සත් ජනපද අත පෙවීම සමස්ත මැද පෙරදිග කලාපයම අස්ථාවර කිරීමක් බව, එක්සත් ජනපද ජනපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලෙස  ඉරානය කියා සිටී.  ලෙබනනයේ, ඉරාකයේ සහ යේමනයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් වෙත ඉරාන සහාය හිමි ය.

 එරට අභ්‍යන්තර ගැටළු වලට එරෙහි යම් ජාත්‍යන්තර මැදිහත් වීමකදී, ඊට ප්‍රතිචාර දැක්වීමේ ස්වෛරී අයිතිය තමන් සතු බව, ඉරානය අවධාරණය කරයි.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

සබැඳි පුවත් :

Trump threatens Iran over protest crackdown as deadly unrest flares

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අභ්‍යන්තර ගැටළු වෙත මැදිහත්වීම් එපා' - ඉරානය | The Leader