The Leader News
BREAKING
Top Ad
පුවත්

ජොන්ස්ටන්ට ඇතුළු සිව්දෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

T

The Leader Desk

January 4, 2026 • 4:13 AM

ජොන්ස්ටන්ට ඇතුළු සිව්දෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙලෙස විදේශ ගමන් තහනම් පනවා ඇත්තේ හිටපු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමල, සතොස ලොරි රථ රියදුරු සමන් යන අයවලුන්ටය.
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, සතොස ආයතනයට අයත් වාහන උපයෝගී කරගනිමින් රුපියල් දෙලක්ෂ හතලිස් එතරදහසක (රු.
  • ,000) මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවය.
  • මෙම සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු එළඹෙන ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද වත්තල මහෙස්ත්‍රාත් නියෝග කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙලෙස විදේශ ගමන් තහනම් පනවා ඇත්තේ හිටපු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමල, සතොස ලොරි රථ රියදුරු සමන් යන අයවලුන්ටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, සතොස ආයතනයට අයත් වාහන උපයෝගී කරගනිමින් රුපියල් දෙලක්ෂ හතලිස් එතරදහසක (රු. 244,000) මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවය.

මෙම සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු එළඹෙන ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද වත්තල මහෙස්ත්‍රාත් නියෝග කර ඇත.

කෙසේ වෙතත්, මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇති හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් පොලිසිය මගහරිමින් සිටින බව වාර්තා වේ.

සැකකාර හිටපු ඇමති අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිටත් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත

(lankatruth)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...