කටයුතු කිරීම අනිවාර්යෙන් කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නෑගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.
එහිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, දේශපාලන පක්ෂ අතර විවිධ මත තිබිය හැකි නමුත් රජයක් යම් කිසි මතයක් පලකරන්නේ රටක පක්ෂ විපක්ෂ සියලු පාර්ශව නියෝජනය කරමින් බවය.
අමෙරිකාව විසින් වෙනිසියුලාවට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීමේ සිදුවීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබුණි.
ඒ අනුව මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්න සඳහා අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුණි.
ප්‍රශ්නය -
විදේශ කටයුතු ඇමතිතුමා, දැන් අපි දැක්කා අමෙරිකාව වෙනිසියුලාව ආක්‍රමණය කරලා තියෙනවා. එතකොට ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් තිබුණා වෙනිසියුලාවට අත නොතබමු කියලා. මම රජයේ ස්ථාවරය දැනගන්න කැමතියි කෙටියෙන්. මොකක්ද මේ සම්බන්ධයෙන් කියලා.
"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට අනුකූලව ජාත්‍යන්තර නීති වලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම තමයි අනිවාර්යෙන් කල යුත්තේ. එය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් බැඳිලා ඉන්නවා. ඒ අනුව වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් හෙට කැඳවලා තියෙනවා. අපේ පැත්තෙනුත් අපි ඒකට ඒක ඉක්මන් කරන්න කියලා අපි ඉදිරිපත් කරනවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය තුළ මේ මූලික ප්‍රඥප්තිවලට පටහැනිව ප්‍රතිපත්ති වලට, මූලධර්ම වලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒක තමයි අපේ ස්ථාවරය.,
ප්‍රශ්නය -
ඇමතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩය නිවේදනයක් දලා තිබුනා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හෙළා දකිනවා කියලා.
"දේශපාලන පක්ෂ වලට වෙන වෙන ස්ථාවර තියෙනවා. රජයේ ස්ථාවරය අපි මේ පැහැදිලි කරනවා."
ප්‍රශ්නය -
ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයම ද ආණ්ඩුවේ ස්ථාවරත්වය වෙලාවේ.
"නෑ. දේශපාලන පක්ෂවල එක එක අදහස් තියෙනවා. ඒක වෙනස්. "
ආණ්ඩු බලය හොඹවන ජවිපෙ ස්ථාවරය
අමෙරිකාව විසින් වෙනිසියුලාවට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීමේ සිදුවීම සම්බන්ධව මෙරට ආණ්ඩු බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යමින් සිදුකරන ලද මෙම ක්‍රියාව සිය පක්ෂය තරයේ හෙළා දකින බවය.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,
නූතන සමාජයත්, රාජ්‍ය පාලනයත්, වඩාත් ශිෂ්ටසම්පන්න විය යුතු බව පොදු පිළිගැනීමය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, රාජ්‍යයන්ගේ නිදහස සහ ස්වාධීනත්වය ලොවම පිළිගන්නා මූලධර්මයන්ය. කුමන හේතුවක් මත හෝ ඒවා උල්ලංඝනය කරමින්, රටවලට හමුදාමය මැදිහත්වීම් හෝ ආක්‍රමණ සිදු කිරීම නූතන සභ්‍ය ලෝකය තුළ සාධාරණ වන්නේ නැත.
එවැනි තත්වයක් තුළ එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කළ බලහත්කාරී හමුදාමය මැදිහත්වීම ලොව කිසිවෙකුත් අනුමත නොකරන බව අපි දැඩිව විශ්වාස කරමු.
එබැවින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද මෙම හමුදාමය ආක්‍රමණය හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණේ අපි වෙනිසියුලාවේ ස්වෛරී පැවැත්ම හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙමු.
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2026.01.04





