ස්වෛරී රාජ්‍යකට එරෙහිව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ගනු ලැබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට එරෙහිව ජනාධිපතිවරයා නිර්භීත ස්ථාවරයක පිහිටන විටක කොන්දේසි විරහිතවතම සහායෝගය ඔහුට ලබාදෙන බවද මන්ත්‍රිවරයා කියා සිටියි.
දිලිත් ජයවීර මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ වෙනිසියුලා ජනාධිපතිවරයා නිකොලොස් මදුරෝ සහ ආර්යාව ඇමරිකාව විසින් බලහත්කාරයෙන් සිය භාරයට ගෙන රටින් රැගෙන යාමේ සිද්ධිය ගැන එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම අනිවාර්යෙන් කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නෑගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.
එහිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, දේශපාලන පක්ෂ අතර විවිධ මත තිබිය හැකි නමුත් රජයක් යම් කිසි මතයක් පලකරන්නේ රටක පක්ෂ විපක්ෂ සියලු පාර්ශව නියෝජනය කරමින් බවය.
එක්සත් ජනපදය විසින් වෙනිසුවේලාට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීම මේ වන විට ශ්‍රී ලංකාවේ පාලන බලය හොබවන ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ විසින් ද හෙලා දැක තිබේ.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් 2025 ජනවාරි 4 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
සබැඳි පුවත් :
වෙනිසියුලාවට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරය ගැන රජයේ ස්ථාවරය මෙන්න




