The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රවීණ ගේය පද රචක, ලේඛක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි

T

The Leader Desk

January 5, 2026 • 4:04 AM

ප්‍රවීණ ගේය පද රචක, ලේඛක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (04) රාත්‍රියේ මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71කි.
  • වසරේ තලංගමදී උපන් ඔහු, පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ, 1980 වසරේදීය.
  • එකල තලංගම චන්ද්‍රෙස්න නමින් ලිපි ලියූ ඔහු, පසුව චන්ද්‍රෙස්න තලංගම ලෙස, කලා ලෝකය තුළ ජනාදරයට පත්වුණි.
  • නූතන සංගීතයේ ජනප්‍රිය තරුවක් වන චරිත අත්තලගේ එම පද මාලා රසපූර්ණ ගීත බවට පත් කිරීමට මුල් වන්නේ, ඔහුගේ ජීවිතයට යළි වසන්තය රැගෙන එමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (04) රාත්‍රියේ මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71කි.

ජීවිතේ සැඳෑ වියේදී ගී පද රචකයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්නට සමත් වූ චන්ද්‍රෙස්න තලංගමයන්, වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක්ය.

1944 වසරේ තලංගමදී උපන් ඔහු, පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ, 1980 වසරේදීය.

එකල තලංගම චන්ද්‍රෙස්න නමින් ලිපි ලියූ ඔහු, පසුව චන්ද්‍රෙස්න තලංගම ලෙස, කලා ලෝකය තුළ ජනාදරයට පත්වුණි.

සිය ජීවන අත්දැකීම් ඇසුරින් කාලයක් තිස්සේ පබැඳූ ගී පද, ඔහුගේ ලිපි ලේඛණ අතරම සැඟවී තිබුණි.

නූතන සංගීතයේ ජනප්‍රිය තරුවක් වන චරිත අත්තලගේ එම පද මාලා රසපූර්ණ ගීත බවට පත් කිරීමට මුල් වන්නේ, ඔහුගේ ජීවිතයට යළි වසන්තය රැගෙන එමිනි.

2017 දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, සංසාරයේ මා නැමැති ගීතයයි.

එතැන් පටන් ඔහු අතින් ලියැවුණු අර්ථ පූර්ණ වාග් මාලා, මෙරට තාරුණ්‍ය අතර අතිශය ජනාදරයට පත් වුණි.

නූතන පරම්පරාවට නුහුරු නපුරුදු වචන සහිතව ලියූ ගීත තරුණ තරුණියන්ගේ මුවඟ නිරත රැඳෙන ගීත බවට පත් කරන්නට ඔහුට හැකිවුණේ ය.

විටෙක ප්‍රේමය ද, විටෙක ඉතිහාසය ද, තවත් විටෙක නූතන සමාජ ප්‍රවණතා ද, වස්තු විෂය කරගනිමින් ඔහු ගීත රචනා කරන ලදි.

යොවුන් වියේදී සැබෑ කරගත නොහැකි සිහිනයක්, සැඳෑ වියේදී සැබෑ කරගනිමින් නූතන ගීතය තුළ ඔහු තැබූ සලකුණ මෙරට ජන හදවත් තුළින් කිසිදා මැකී නොයනු ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...