The Leader News
BREAKING
Top Ad
පුවත්

දහස් සංඛ්‍යාත ඉන්දීය කම්කරුවෝ වෙනිසුවේලාවට එරෙහි ට්‍රම්ප් ආක්‍රමණය හෙළා දකී

T

The Leader Desk

January 5, 2026 • 5:02 AM

දහස් සංඛ්‍යාත ඉන්දීය කම්කරුවෝ වෙනිසුවේලාවට එරෙහි ට්‍රම්ප් ආක්‍රමණය හෙළා දකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (CITU) සමස්ත ඉන්දීය සමුළුවට සහභාගී වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වෙනිසුවේලා ජනතාවට සිය සහයෝගය පළ කරමින් මෙම විරෝධතාවය දියත් කර ඇත්තේ විශාකාපට්නම් හිදීය.
  • ලාංකික ප්‍රතිචාරය එක්සත් ජනපදය විසින් වෙනිසුවේලාට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීම මේ වන විට ශ්‍රී ලංකාවේ පාලන බලය හොබවන ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ විසින් ද හෙලා දැක තිබේ.
  • ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් 2025 ජනවාරි 4 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  • ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසුවේලාට එරෙහිව සිදු කරන ලද මෙම හමුදාමය ආක්‍රමණය හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණ වෙනිසුවේලාවේ ස්වෛරී පැවැත්ම හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බවත් සිය නිවේදනය මගින් තව දුරටත් අවධාරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (CITU) සමස්ත ඉන්දීය සමුළුවට සහභාගී වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වෙනිසුවේලා ජනතාවට සිය සහයෝගය පළ කරමින් මෙම විරෝධතාවය දියත් කර ඇත්තේ විශාකාපට්නම් හිදීය.

විශාකපට්නම්හි රාමක්‍රිෂ්ණා වෙරළ තීරයට රැස්වූ වෘත්තීය සමිති නියෝජිතයින් සහ ස්වේච්ඡා සාමාජිකයන් 1,500 කට වැඩි පිරිසක් සටන් පාඨ පුවරු ඔසවාගෙන වෙනිසුවේලාවේ ජනතාවට සිය සහයෝගය පළ කර තිබුනේ ඇමරිකානු එක්සත් ජනපදය විසින් සිදු කරන ලද ජනාධිපති නිකොලස් මදුරෝ සහ සිලියා ෆ්ලෝරස්ගේ ආර්යාව පැහැර ගැනීම දැඩි ලෙස හෙළා දකිමිනි.

 

ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ 18 වැනි  සමස්ත ඉන්දීය සමුළුවේ 4 වන දිනයේ දී ඇමරිකානු අධිරාජ්‍යවාදී ආක්‍රමණය සහ වෙනිසුවේලානු භූමියට බෝම්බ හෙලීම දැඩි ලෙස හෙළා දකිමින් යෝජනාවක් ද ඒකමතිකව සම්මත කරගන්නා ලදී. එසේම මෙම ඒකමතිකව සම්මත වූ යෝජනාව මගින් වෙනිසුවේලානු ජනාධිපති නිකොලස් මදුරෝ  වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන මෙන්ද දන්වා සිටී.

 

ලාංකික ප්‍රතිචාරය

එක්සත් ජනපදය විසින් වෙනිසුවේලාට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීම මේ වන විට ශ්‍රී ලංකාවේ පාලන බලය හොබවන ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ විසින් ද හෙලා දැක තිබේ.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් 2025 ජනවාරි 4 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

"ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසුවේලාට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින්, එක්සත් ජනපදය විසින් වෙනිසුවේලාට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්‍රමණික මැදිහත්වීම අපි තරයේ හෙළා දකිමු."

ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයක මෙන්ම වෙනිසුවේලාවේද අනාගතය තීරණය කිරීමේ සහ පාලකයන් කවුරුන් දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ, එරට ජනතාවට වන අතර  එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නැති බව එම නිවේදනයේ සදහන්ය.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසුවේලාට එරෙහිව සිදු කරන ලද මෙම හමුදාමය ආක්‍රමණය හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණ වෙනිසුවේලාවේ ස්වෛරී පැවැත්ම හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බවත් සිය නිවේදනය මගින් තව දුරටත් අවධාරණය කර ඇත.

jvp press on maduro
ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවද එක්සත් ජනපද මිලිටරි ප්‍රහාරය සහ නිකොලස් මදුරෝ පැහැරගැනීම හෙලා දැක ප්‍රකාශයක් නිකුත් කර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...