The Leader News
BREAKING
Top Ad
පුවත්

නව වසරේ ආර්ථීක අභියෝග මෙන්න !

T

The Leader Desk

January 5, 2026 • 6:05 AM

නව වසරේ ආර්ථීක අභියෝග මෙන්න !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
  • බිලියන 17,595.05 ක් වූ ලංකාවේ දේශීය ණය ප්‍රමාණය, 2025 සැප්තෑම්බර් අවසන් වන විට රු.
  • බිලියන 18,701.46 දක්වා රු.
  • බිලියන 10,429.04 ක් වූ විදේශ ණය ප්‍රමාණය 2025 සැප්තෑම්බර් වන විට රු.
අකුරු ප්‍රමාණය (Font Size):


අධික බදු පැනවීම හා විදුලිය හා ගෑස් මිල ඉහළ නැංවීම තුලින් රුපියල් ආදායම් වැඩි කිරීම (Revenue Augmentation) ට රජය සමත්වී ඇති නමුත්, රාජ්‍ය මුල්‍ය විනය පවත්වාගෙන යාවේ දී රජය දුර්වල කාර්ය දර්ශනයක් පෙන්වමින් සිටින්නේ යැයි, එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ණය අර්බුදය තවදුරටත් ඉහළයාම


අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වන විට රු. බිලියන 17,595.05 ක් වූ ලංකාවේ දේශීය ණය ප්‍රමාණය, 2025 සැප්තෑම්බර් අවසන් වන විට රු. බිලියන 18,701.46 දක්වා රු. බි. 1,106.41 කින් වැඩි වී ඇත.  2024 අවසානයේ රු. බිලියන 10,429.04 ක් වූ විදේශ ණය ප්‍රමාණය 2025 සැප්තෑම්බර් වන විට රු. බිලියන 10,974.34 දක්වා ඉහළ ගොස් ඇත.  

රටේ සමස්ත දේශීය හා විදේශීය ණය එකතුව  රු.බි. 29,675.81 දක්වා ඉහළ ගොස් ඇත.  

විදේශ සංචිත පහත වැටීම

විදේශ සංචිත අඛණ්ඩව පහත වැටීම ආර්ථිකය මුහුණ දෙන දැවැන්තම අභියෝගයයි.  2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ විදේශ සංචිත,  නොවැම්බර් මස අවසානයේ දී ඩොලර් මිලියන 6,033  දක්වා ඩො.මි.498 කින් පහත වැටුණි.  ගංවතුර ව්‍යසනය හේතුවෙන් විනාශ වූ යටිතල පහසුකම් හා කර්මාන්ත විධිමත්ව නවීකරණය කිරීමට නම් අති විශාල විදේශ විනිමයක් වැය කර භාණ්ඩ ආනයනයට රජයට අනිවාර්යයෙන්ම සිදුවේ.

2024 දී එවකට රජය ජංගම ගිණුමේ ධන ශේෂයක් පවත්වා ගැනීමට සමත් වූ අතර, 2025 සැප්තෑම්බර්, ඔක්තෝබර් දෙමස තුල එය නැවත සෘණ ශේෂයක් බවට පත් විය. ජංගම ගිණුමේ ශේෂය සෑම විටම ධන අගයක පවත්වාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති නමුත්, 2025 නොවැම්බර් නැවත ශේෂය ධන අගයකට පැමිණීම ආර්ථිකයේ දිශානතිය පිළිබඳ ධනාත්මක ඉඟියකි.

රුපියල බාල්දුවීම

පසුගිය වසරේ රු. 293.25 ක් වූ ඩොලරයේ හුවමාරු අගය, මේ වන විට රු. 309.45 දක්වා ඉහළ ගොස් ඇත. රුපියල අවප්‍රමාණයවීම විදේශීය ණය සහ පොලිය ගෙවීමේ දී දැරීමට සිදුවන පිරිවැය ඉහළ යාම, ආනයනික හා නිෂ්පාදන භාණ්ඩවල ඉහළයාමට සෘජුවම බලපානු ලබයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව බාල්දුවීම හේතුවෙන් වානිජ්‍ය බැංකු සහ උණ්ඩියල් (කළු කඩ)  අතර විනිමය අනුපාතයේ අගය ක්‍රමිකව පුළුල් වෙමින් ඇත. එම තත්වයට හේතුව අවිනිශ්චිතතාවයයි. 2021-2021 ආර්ථික අර්බුදයේ ආරම්භය ප්‍රකාශයට පත් වූයේ ද, බැංකු සහ කළු කඩය අතර ඩොලර් හුවමාරු අනුපාතය ඉහළ යාමයි.

ව්‍යසනය හා ප්‍රතිසංස්කරණ

තවමත් ලංකා රජය ගංවතුර හා නායයාම් ව්‍යසනය හේතුවෙන් රටට සිදු වූ හානිය සහ නැවත එක්සත් ජාතීන්ගේ ඉදිකිරීම් සඳහා වන ඇස්තමේන්තුවක් සකස් කර නැත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මුලින්ම මේ ගැන ඇස්තමේන්තු රහිත වාර්තාවක් ඉදිරිපත් විය. ව්‍යසනයේ රටේ ආර්ථිකයට වන හානිය ලෝක බැංකුවට අනුව ඇ.ඩො. බිලියන 4 කි.  ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සංවිධානයට අනුව,  ඩො.බි. 16 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදනයෙන් 16% කි.

සහනාධාර ලබාදීම සඳහා අති විශාල බදු මුදලක් ද, නැවත ඉදිකිරීම් සඳහා භාණ්ඩ ආනයනයට ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ද, අවශ්‍ය වේ. රජය වහා ආපදාවේ මුල්‍ය හානිය හා නැවත ඉදිකිරීම් සඳහා වන ඇස්තමේන්තු සකස් කර ගත යුතුව ඇත. ජීවිත නැවත ගොඩනගා ගැනීම සඳහා ප්‍රමාණවත් සහන නොලැබීම, අවතැන්වූවන්ට  දැනටමත් ප්‍රශ්නයක් බවට පත්වෙමින්  ඇත.

Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...