පිළිබඳ මෙරට බලධාරීන්ද අවධානය යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.
ඇමෙරිකානව, එක්සත් රාජධානිය වැනි රටවල සහ යුරෝපා සංගමය දරුවන් අධ්‍යාපන කටයුතු සිදුකිරීමේදී අන්තර් ජාල භාවිත කිරීම සම්බන්ධව ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන බවත්, අපේ රටට මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට සමගාමීව එවැනි ක්‍රියාමාර්ග පිළිබඳවද දැඩිව අවධානය යොමු කළ යුතු බවත් ඔහු පවසයි.
නිශ්චිත ගැඹුරු සාකච්ජාවලින් තොරව කඩිනමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමත්, White Paper, Green Paper නොමැතිව, අවිධිමත්ව මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අස්‍යකරණයට ලක්ව ඇති බවත්, මේ සඳහා දේශපාලනඥයන්, නිලධාරීන් ආදී සියළු දෙනාම වගකිව යුතු බවත්, මෙය දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නිසා සමාව දිය නොහැකි කටයුත්තක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියි.
අදාළ රජයේ නිලධාරීන් ද වගකීම බාර ගත යුතුයි
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, අද (05) මීරිගම මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙනේ, කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍ය කඩදොරපිටියේ සුමන හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පැනනැගී ඇති ගැටළු පිළිබඳව වගකීම ආණ්ඩුව මෙන්ම ඊට අදාළ රජයේ නිලධාරීන් ද බාර ගත යුතු බවයි.
වැරදුණු තැන් පිළිබඳ සොයා බැලීමත්, දූදරුවන්ගේ මනස විකෘති කිරීමට අදාළ දෑ මෙම ප්‍රතිසංස්කරණ තුළට ඇතුලත් කළේ, කවුරුන්ද කියා සොයා බැලිය යුතු බවත්, එම වරද කළ පුද්ගලයින්ට දඩුවම් ලබාදිය යුතු බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.
මේ සියල්ලට හේතුව රජයේ උද්දච්චකම...
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රට තුළ පුළුල් කතිකාවතක් නිර්මාණය නොකළ බවත්, සංවාදයෙන් තොරව හිතුමතේ, හුදකලාව, උද්දච්ච තීන්දු තීරණ ගැනීමේ ප්‍රතිඵල දැන් බුක්ති විඳිමින් ඇති බව පෙන්වා දුන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තව දුරටත් අවධාරණය කළේ, මෙවැනි කටයුතු නිසා පීඩාවට පත් වන්නේ දරුවන් නිසා වත්මන් රජය සැම මොහොතකම තම මතය හරි යැයි සිතා කටයුතු කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාර්යේදී යොදා නොගන්නා ලෙසත් ඉල්ලා සිටින බවයි.
අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් අවශ්‍ය යි
අපේ රටේ වටිනාම සම්පත අවදානම් කණ්ඩායම වන්නේ දරු සම්පත මව් පරපුරු කාන්තාවන් බවත් එම නිසා මේ අවස්ථාවේ අපක්ෂපාතී පරීක්ෂණ අවශ්‍ය බවත් මේ වැරදි කළ අයට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.




