The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමති විජිත වැඩ පෙන්වයි

T

The Leader Desk

January 5, 2026 • 3:17 PM

ඇමති විජිත වැඩ පෙන්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකානු ඩොලර් බිලියන 11.6ක් බව විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
  • අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) විදේශ අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
  • ඉතිහාසයේ වැඩිම සංචාරක සංචාරකයින් පිරිසක් පැමිණියේ පසුගිය වසරේ බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම සංඛ්‍යාව 2,362,000 ක් වූ බව සඳහන් කළේය.
  • එසේම පසුගිය වසරේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇමරිකානු ඩොලර් බිලියන 11.6ක් බව විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) විදේශ අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඉතිහාසයේ වැඩිම සංචාරක සංචාරකයින් පිරිසක්...
ඉතිහාසයේ වැඩිම සංචාරක සංචාරකයින් පිරිසක් පැමිණියේ පසුගිය වසරේ බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම සංඛ්‍යාව 2,362,000 ක් වූ බව සඳහන් කළේය.

එසේම පසුගිය වසරේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශීය ප්‍රේෂණ වාර්තාගත අගයක්
එසේම පසුගිය වසරේ විදේශීය ප්‍රේෂණ වාර්තාගත අගයක් බව සඳහන් කළ අමාත්‍යවරයා එම මුදල ඇමරිකානු ඩොලර් බිලියන 7.8ක් බව සඳහන් කළේය.

තවද කොන්සියුලර් සේවාවන් සැපයීම මගින් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 576.9ක් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් සංචාරක කර්මාන්තය යම් අවිනිශ්චිත තත්වයක පැවතියද සංචාරක අමාත්‍යංශය සෙසු ආයතන සමග එක්ව සිදු කළ විශේෂ මෙහෙයුම හේතුවෙන් නැවත මෙරටට සංචාරකයන් පැමිණෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වනවිට සියයට 15ක සංචාරක වර්ධනයක් ඇති බවද සඳහන් කළේය.

එසේම මෙම සුළිකුණාටුව සමග විශාල රටවල් ප්‍රමාණයකින් ශ්‍රී ලංකාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දුන් බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිම මූල්‍ය ප්‍රදානයක් සිදු කළේ මාලදිවයිනෙන් බවත් එම මුදල රුපියල් ලක්ෂ 725ක් බව පැවසීය.

සේම ජපානයෙන් රුපියල් ලක්ෂ 596ක් ද ඉන්දියාවේ චෙන්නායි නගරයෙන් රුපියල් ලක්ෂ 440ක් ද ලැබූ බව හෙතෙම කීය.

මේ වනවිට රුපියල් බිලියන 85කට ආසන්න මුදලක් මෙරටට ලැබී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...