රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ට ස්නායු ශල්‍ය උපකරණය වැඩි මිලට විකිණීමෙන්, දූෂණය නම් වරද සිදු කරන ලදැයි කියන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරිය ගේ දියණිය වන හේමාලී විජේරත්න විත්තිකාරිනිය මෙසේ නිවැරදිකාරිය බව සඳහන් කළාය.
අධිකරණයේ පෙනී සිටි විත්තිකාරිය අදාල චෝදනාවන්ට නිවැරදිකාරී බව පැවසූ හෙයින් පැමිණිල්ල විභාගයට තැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල විභාගයට නියම කරමින් සාක්ෂිකරුවන්ට මැයි මස 05 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසිද නිකුත් කළේය.
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ 2025 ජූලි මස 07 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී හේමාලී විජේරත්න විත්තිකාරිය විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කෙරිණි.
විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරපපෙරුම කරුණු ඉදිරිපත් කරමින් නඩු විභාගයට මුහුණ දීමට විත්තිකාරිය සූදානම් බවත් ඇයගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන පරිදි විදේශගතත වීමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරියෙන් නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින බවට ද ප්‍රකාශ කළේය.
සිය සේවාදායිකාවට විදේශීය අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලය බලා යෑම සිදු කළ යුතු හෙයින් මෙම ඉල්ලීම කරන බවද පැවසීය.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියට අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවීමට අවසර ලබා දුන්නේය.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නොතිසි නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිලි විභාගය මැයි 05 දින ආරම්භ කරන බවටද නියෝග කළේය.
(lankadeepa | රෝෂන් තුෂාර)
වෛද්‍ය මහේෂිගේ දියණිය චෝදනා පිළිනොගනියි
T
The Leader Desk
January 6, 2026 • 11:48 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අධිකරණයේ පෙනී සිටි විත්තිකාරිය අදාල චෝදනාවන්ට නිවැරදිකාරී බව පැවසූ හෙයින් පැමිණිල්ල විභාගයට තැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල විභාගයට නියම කරමින් සාක්ෂිකරුවන්ට මැයි මස 05 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසිද නිකුත් කළේය.
- විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරපපෙරුම කරුණු ඉදිරිපත් කරමින් නඩු විභාගයට මුහුණ දීමට විත්තිකාරිය සූදානම් බවත් ඇයගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන පරිදි විදේශගතත වීමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
- ඉදිරියෙන් නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින බවට ද ප්‍රකාශ කළේය.
- සිය සේවාදායිකාවට විදේශීය අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලය බලා යෑම සිදු කළ යුතු හෙයින් මෙම ඉල්ලීම කරන බවද පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



