කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල මැතිවරණ කොට්ඨාසයේ ඇති පන්නල ප්‍රාදේශීය සභාව පසුගිය පළාත් පාලන මැතිවරණය සදහා ඉතාමත් හොදින් සංවිධානය කොට පන්නල ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගය ප්‍රධාන කොට ගනිමින්, පොදුජන එක්සත් පෙරමුණෙහි නායක අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු අනෙකුත් පක්ෂ වල සහයෝගයද ලබා ගනිමින් එහි සභාපති ධූරීත්වය සමගි ජන බලවේගය සදහා ලබා ගැනීමට මහාචාර්ය චරිත හේරත් කළ ඇප කැපවීම අගය කරමින් සජබ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි පැවසේ.
මහාචාර්ය චරිත හේරත් පසුගිය කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තු පැමිණි අතර, පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ පොදුජන පෙරමුණෙන් ඉවත්ව ඩලස් අලහප්පෙරුම සමග එක්ව 'නිදහස ජනතා සභාව' නමින් පක්ෂයක් නිර්මාණය කොට එහි ලේකම් තනතුර දරනු ලැබිය.
ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේදී සමගිජන බලවේගය සමග එක්ව සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කටුගම්පල ආසනය සංවිධානය කොට ජනාධිපතිවරණය සදහා සහයෝගය ලබාදෙනු ලැබිය.
කටුගම්පල ආසන සංවිධායකත්වයේ එක් ප්‍රථිපලයක් ලෙස පන්නල ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කිරීමට හැකි වුණි.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල මැතිවරණ කොට්ඨාසය තුළ පිහිටි සදලංකාව සමූපකාරය මීට පෙර බලය හිමිව තිබුනේ මාලිමාවටය. පසුගිය දිනක (04) පැවති සදලංකාව සමූපකාර ඡන්දයෙන් පොදු විපක්ෂ ධාරාව මීට පෙර නොතිබූ අයුරින් ඓතිහාසික විජයග්‍රහණයක් ලබා ලැබිය. මෙහිදී පොදු විපක්ෂයට සභිකයින් 71කුත් මාලිමාවට සභිකයින් 37කුත් ලෙස පොදු විපක්ෂය ජයග්‍රහණය කළේය.
මෙහි විශේෂිතම කාරණය වන්නේ මීට පෙරාතුව සදලංකාව සමූපකාරයේ සභාපති තනතුර දැරූ සභාපතිවරයාගේ සමූපකාර ඡන්ද කොට්ඨාසයේ සභිකයින් 16 දෙනාගෙන් 16 දෙනාම විපක්ෂය ධාරාවෙන් තෝරා පත් කරගෙන තිබීමයි. සදලංකා සමූපකාරයේ ජයග්‍රහණය සදහාද චරිත හේරත් අනෙකුත් පක්ෂ සමග එක්ව ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් සමගි ජන බලවේගය සදහා ලබා දීමට කටයුතු කොට ඇත.




