The Leader News
BREAKING
Top Ad
පුවත්

අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහි විශ්වාසභංගයට අත්සන් කරයි

T

The Leader Desk

January 7, 2026 • 6:42 AM

අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහි විශ්වාසභංගයට අත්සන් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි දී මෙම විශ්වාසභංග යෝජනාවට පළමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අත්සන් කිරීම සිදු විය.
  • මතභේදයට තුඩු දුන් හයේ ඉංග්‍රීසි මොඩියුලයේ පාඩම ඉවත් කරන්න අනුමැතිය මේ අතර මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
  • ඊයේ (06) එම අනුමැතිය ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
  • අද (7) පාර්ලිමේන්තුවේදි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි දී මෙම විශ්වාසභංග යෝජනාවට පළමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අත්සන් කිරීම සිදු විය.



මතභේදයට තුඩු දුන් හයේ ඉංග්‍රීසි මොඩියුලයේ පාඩම ඉවත් කරන්න අනුමැතිය

මේ අතර මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඊයේ (06) එම අනුමැතිය ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අද (7) පාර්ලිමේන්තුවේදි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

අදාළ මොඩියුලයේ පැනනැගී ඇති ගැටලුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

"සංකල්ප පත්‍රිකාව අධ්‍යයන උපදේශක සභාවේ සාකච්ඡාවට ගත්තා ඒක සියලුම මන්ත්‍රීවරුන්ටත් ලබාදෙන්න අපි වෙබ් අඩවියෙත් දාලා තියෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා අපි පාර්ලිමේන්තුව තුළ කළා. ඕන අවස්ථාවක ඒ සංකල්ප පත්‍රිකාව මත පදනම් කරගෙන අපිට ඒක තව දියුණු කරන්න, සාකච්ඡා කරන්න අපි කිසිසේත්ම විරුද්ධ නෑ.  ඒ සංකල්ප පත්‍රිකාවේ මේ මොඩියුලයේ අන්තර්ගතය පිළිබඳව නෑ. සංකල්ප පත්‍රිකාවේ තියෙන්නේ කරන්න යෝජිත ව්‍යුහාත්මක වෙනසේ රාමුව පිළිබඳව. මේ සිද්ධිය වාර්තා වුණු වහාම අපි ඒ පිළිබඳව කරුණු විමසීමේදී විමර්ශනයක් ආරම්භ කරා. ඒ විමර්ශන වාර්තාව අනුව අපි මූලික විමර්ශන සඳහා ඊයේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන පාලක මණ්ඩලය විසින් රංජිත් ආරියරතන හිටපු ලේකම්වරයා පත්කළා මූලික විමර්ශන පවත්වන්න. මේ සිද්ධිය වාර්තා වූ වහාම අපි මේ පොත මුද්‍රා තැබුවා. ඒ පොත ළමයින්ට බෙදලා නෑ. ඒ පොතේ ඒ පාඩම ඉවත්කරන්න ඊයේ අපිට අවසරය දුන්නා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය විසින්."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...