The Leader News
BREAKING
Top Ad
පුවත්

ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට ගිය 'සිනමන් එයාර්' යානයක් අනතුරට ලක්වෙයි

T

The Leader Desk

January 7, 2026 • 8:30 AM

ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට ගිය 'සිනමන් එයාර්' යානයක් අනතුරට ලක්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම යානය විදේශිකයන් පිරිසක් රැගෙන යාම සඳහා කොළඹ සිට පැමිණ ඇති අතර, නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයට ගොඩබැස්වීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
  • අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ නියමුවා සහ සහායක නියමුවා පමණක් සිට ඇත.
  • සුළු තුවාල ලැබූ ඔවුන් දෙදෙනා වහාම නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
  • ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වැඩබලන පොලිස් අධිකාරී චන්දන බස්නායක තහවුරු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම යානය විදේශිකයන් පිරිසක් රැගෙන යාම සඳහා කොළඹ සිට පැමිණ ඇති අතර, නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයට ගොඩබැස්වීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ නියමුවා සහ සහායක නියමුවා පමණක් සිට ඇත. සුළු තුවාල ලැබූ ඔවුන් දෙදෙනා වහාම නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වැඩබලන පොලිස් අධිකාරී චන්දන බස්නායක තහවුරු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, යානයට සිදුව ඇති හානිය හෝ අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

cinna 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට ගිය 'සිනමන් එයාර්' යානයක් අනතුරට ලක්වෙයි | The Leader