The Leader News
BREAKING
Top Ad
පුවත්

එජාප - සජබ ඉදිරි සාකච්ඡා ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විශේෂ තීරණයක්

T

The Leader Desk

January 8, 2026 • 3:38 AM

එජාප - සජබ ඉදිරි සාකච්ඡා ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විශේෂ තීරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (07) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම එකඟතාවය හිමිවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කළේය.
  • ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමග ඒකාබද්ධව කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
  • ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතාත් වෙනම සාකච්ඡා කරන්න යෝජනා වුණා.” මාධ්‍ය නිවේදනයක් එම රැස්වීම අවසානයේදී එජාප මුලස්ථානය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.
  • ඒ අනුව ඊය‌ේ (07) දින එක්සත් ජාතික පක්ෂ කෘත්‍යෘධිකාරී මණ්ඩලයට නිල වශයෙන් මේ සාකච්ඡාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (07) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම එකඟතාවය හිමිවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කළේය.

ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමග ඒකාබද්ධව කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම ඉදිරි කටයුතු වෙනුවෙන් කමිටු දෙකක් පත් කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.

''එකට වැඩ කරන්නේ කොහොමද කියලා සාකච්ජා කළා'' - එකට වැඩ කරන්නේ කොහොමද

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් පාලිත රංග බණ්ඩාර මෙසේ පැවසිය.

“කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගොඩක් කරුණු සාකච්ඡා කළා. විශේෂයෙන්ම අද රට මුහුණදී තිබෙන තත්ත්වයත් ඒ අරාජික තත්ත්වයත්.. ඒ සඳහා රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමටත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් ගතයුතු ක්‍රියාමර්ග පිළිබඳව සාකච්ඡා කළා.”

“සමගි ජන බලවේගය ඒ වගේම අනෙකුත් දේශපාලන පක්ෂ සහ සංවිධාන ඒ හැමෝම එක්ක එකට වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා කළා.”

ඉතාම ධනාත්මක අදහසක් - නවීන් දිසානායක

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නවීන් දිසානායක මාධ්‍යවෙත අදහස් දක්වමින් මෙසේ පැවසිය.

“එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතු රාමුවක් ගැන අපි අද කතා කළා. අපි කතා කළ විදියට දෙපාර්ශ්වය බොහෝ දුරට එකතුවෙලා වැඩ කරන්න රාමුවක් නායකතුමා යෝජනා කළා. මං හිතන්නේ ඒක බොහෝදුරට සාර්ථක වෙයි කියලා. පක්ෂ දෙකේම අනන්‍යතාව තියාගෙන එක තැනකට එන්න යාන්ත්‍රණයක් තමයි හදාගන්න අවශ්‍ය වෙන්නේ. නායකතුමා යෝජනා කළා පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරී මණ්ඩල දෙකත් දැන් සාකච්ඡා කළ යුතුයි කියලා. ඒක ඉතාම ධනාත්මක අදහසක්. අපිට ඒ විදියට නොයෙකුත් ආකාරයේ එකමුතුව වැඩ කරන්න පුළුවන්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතාත් වෙනම සාකච්ඡා කරන්න යෝජනා වුණා.”

මාධ්‍ය නිවේදනයක්

එම රැස්වීම අවසානයේදී එජාප මුලස්ථානය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ආරාධනයට අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගිය දා හමුවින. ඒ අනුව ඊය‌ේ (07) දින එක්සත් ජාතික පක්ෂ කෘත්‍යෘධිකාරී මණ්ඩලයට නිල වශයෙන් මේ සාකච්ඡාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන ලදී.

පක්ෂ දෙක අතර තිබෙන කටයුතු ඉදිරියට ගෙන යාමට එකමුතුව කටයුතු කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එකඟතාවය පල කරන ලදි.

මේ පිළිබඳව පළමු පියවර හැටියට එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් අතර ඒකාබද්ධ වැඩපිළිවෙලකට එකඟවීමට තීරණය කෙරිණි. ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයෙන් සහ සමගි ජන බලවේගයෙන් ප්‍රකාශ වූ කරුණු සැළකිල්ලට ගනිමින් පහත යෝජනා කිහිපය ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබීය.

1. ජාතික වශයෙන් පළාත් පාලන ආයතනවල, නගර සභා, ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගය අතර සිටින පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ වැඩ කටයුතුවලදී වැඩ කිරීම සඳහා ඒකාබද්ධ ජාතික වැඩසටහන් කමිටුවක් පක්ෂ දෙකෙන් පත්කිරීම.

2. කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒකාබද්ධ වැඩසටහන් 3 කට කරුණු ඉදිරිපත් කිරීම.

3. දැනට වෙනත් දේශපාලන පක්ෂ සමග කටයුතු කරන අතර, එම පක්ෂ වලටද මේ කරුණු පැහැදිළි කිරීමටත්, එමෙන්ම ඒ ගැන සාකච්ඡා කිරීමට පක්ෂ දෙකේ නායකයන්ගේ අනුමැතියෙන් කමිටුවක් පත් කිරීම.

4. මෙම වැඩපිළිවෙලට එකඟ වූ පසු එක්සත් ජාතික පක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක මුණ ගැසීමට ක්‍රියා කිරීම.

5. ඉන්පසුව පක්ෂ දෙකෙහි කෘත්‍යාධිකාරී මණ්ඩල ඒකාබද්ධව මුණ ගැසී සාකච්ඡා කිරීම.

6. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ ප්‍රමුඛ සන්ධාන අතර ගිවිසුම් පිළිබඳවත්, අප සම්බන්ධ වී කටයුතු කරන පක්ෂත්, සමගි ජන බලවේගය සමග එකමුතු වී කටයුතු කරන අතර, එම සියලු පක්ෂ දැනුවත් කිරීම.

එක්සත් ජාතික පක්ෂය.
2026.01.07

Screenshot 2026 01 08 090256 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...