නයිජීරියාවේ පීඩාවට පත් කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් දක්වන නායකත්වය සහ කැපවීම එම ලිපිය මගින් අගය කර තිබේ.
නයිජීරියාවේ සිදුවන ප්‍රචණ්ඩත්වය, මිනීමැරුම් සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව ට්‍රම්ප් ගත් තීරණාත්මක මැදිහත්වීම සහ හඬක් නොමැති පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටීම මෙහිදී ප්‍රශංසාවට ලක් කර ඇත.
ආගමික සුළුතරයන්ගේ ආරක්ෂාව සහ මානව ගරුත්වය රැක ගැනීම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාවේ නියෝජිතයෙකු ලෙස තමන් අගය කරන බවත්, ජනවාර්ගික සහ ආගමික ගැටුම් අත්විඳ ඇති ශ්‍රී ලංකාව වැනි රටකට, සාමය සහ සහජීවනය පිළිබඳ ට්‍රම්ප්ගේ දැක්ම බෙහෙවින් වැදගත් වන බවත්, එය ලොව පුරා පීඩිත ජනතාවට බලාපොරොත්තුවක් බවත් ජයවර්ධන මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
තවද යුක්‍රේන හා රුසියානු යුද්ධය වැළැක්වීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳවත්, හමාස් සංවිධානය සමඟ ඊශ්‍රායල හමුදා ඇති කරගෙන තිබෙන සටන් විරාම පිළිබඳවත්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීම පිළිබඳව වෛද්‍ය කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් ස්තුතියි හා ගෞරවය පළ කළේය.
ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය වර්ධනය කර ගනිමින්, ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳවත් අනාගතයේදී ශ්‍රී ලංකා රජයට ලබාගත හැකි සහයෝගය පිළිබඳවත් දොස්තර කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා, කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ඇඩම්ස් ඇතුළු කාර්ය මණ්ඩලය හමු වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.






